WAGON R වලට ලංකාවේ තහනමක්..?

WAGON R වලට ලංකාවේ තහනමක්..?

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථ මාදිලිය වන වැගන් ආර් ඉදිරියේදී මෙරටට ආනයනය නොකිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ විශාලතම වාහන ආයනයකරුවන්ගේ එකමුතුව වන ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. “රේගුවේ වාර්ගීකරණ කමිටුව මඟින් C 200 Benz රථ හයිබ්‍රිඩ් නොවන බවට ලබාදුන් තීරණය සමඟ ගළපා MH55S WAGON R රථ පිළිබඳ කිසිදු තාක්ෂණික සොයා බැලීමක් සිදු නොකොට, එම රථ හයිබ්‍රිඩ් වාහනද යන්න පිළිබඳ නිසියාකාරව සොයා බලා නිෂ්කාෂණ කටයුතු සිදු කරන ලෙසට රේගුවේ මෝටර් රථ අංශය වෙත දැනුම් දීමක් සිදු කර ඇති අතර, එම උපදෙස් අනුව මෝටර් රථ අංශය මගින් MH55S WAGON R රථ හයිබ්‍රිඩ් ලෙස නොව පෙට්‍රල් රථ ලෙස නිෂ්කාෂණය කිරීම මේ වන විට සිදු කරනු ලබයි.නමුත් මේ වන විට 50,000කට වැඩි WAGON R රථ ප්‍රමාණයක් හයිබ්‍රිඩ් ලෙස රේගුව මගින් නිෂ්කාෂණය කර ඇති අතර WAGON R රථ හා සමාන තාක්ෂණයෙන් යුත් හයිබ්‍රිඩ් රථ 200,000 ක් පමණද නිෂ්කාෂණය කර ඇත.”
එමෙන්ම මෙම රථවල නිෂ්පාදකයා වන ජපන් රටේ රථ වර්ගීකරණය අනුව හයිබ්‍රිඩ් DAA යන කේතයෙන් දැක්වෙන අතර පෙට්‍රල් රථ DBA යන කේතයෙන් දැක්වේ. ඒ අනුව WAGON R රථ DAA එනම් හයිබ්‍රිඩ් ගණයට අයත් වේ.

(Visited 116 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!