LTTE හිතවාදීන්ට දුන් බව කියන රාත්‍රි බෝජන සංග්‍රහයේ අරමුණ ගැන එජාපය සොයයි

LTTE හිතවාදීන්ට දුන් බව කියන රාත්‍රි බෝජන සංග්‍රහයේ අරමුණ ගැන එජාපය සොයයි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ශී‍්‍ර ලංකාවට යුද අපරාධ චෝදනා නගමින් උද්ඝෝෂණය කළ දෙමළ ඩයස්පෝරාවේ එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා තානාපති එල්. ඒ. අසීස් ජිනීවා නුවරදී ලබා දුන් බව කියන රාතී‍්‍ර භෝජන සංග‍්‍රහය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළ වනවා.එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන තුෂාර ඉඳුනිල් පැවසුවේ දෙමළ ඩයස්පෝරාව සමග ගනුදෙනු කිරිම වඩා වගකීමකින් සිදු කළ යුතු බවයි.කෙසේවෙතත් ප‍්‍රශ්ණ ගත භෝජන සංග‍්‍රහය විවේචනය කිරීමට පෙර එහි අරමුණ පිළීබඳවද නිවැරදිව හඳුනාගත යුතු බවයි තුෂාර ඉඳුනිල් මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියේ. මේ සඳහා උපදෙස් දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳවත් සොයා බලමින් ඇති බවත් සඳහන් කළා. මෙම පියවර අදාළ පාර්ශ්වය පාලනය කිරීම සඳහා ගත් උපායමාර්ගික ක්‍රියාමාර්ගයක්ද යන්න පිළිබඳවත් සොයා බැලීමට අවශ්‍ය බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේයඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණී ලොකුගේද මේ සම්බන්ධයෙන් අදහස් පළ කලා. ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්ති බරපතල ලෙස හෙළා දකින බවයි.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!