“JUST IN : බැඳුම්කර කොමිසම හමුවේ තවත් ප්‍රබල හෙළිදරව්වක්”(VIDEO)

“JUST IN : බැඳුම්කර කොමිසම හමුවේ තවත් ප්‍රබල හෙළිදරව්වක්”(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

ඒ, කොමිසම හමුවේ සාක්ෂිකාරිනියක කළ ප්‍රකාශයකින් අනතුරුවයි.සාක්ෂිය අනුව කියැවුණේ, ඇයගේ නිවස කුලී පදනම මත ලබාගත් අර්ජුණ් ඇලෝසියස් දුරකථන ඇමතුමක් ලබා දෙමින් නිවස ලබා ගැනීමට අදාළ ගිවිසුම විනාශ කරන ලෙසට ඉඟි පළ කෙරුණු බවයි.තමන් සතු ගිවිසුම ද විනාශ කළ බවට අර්ජුණ ඇලෝසියස් දුරකථනයෙන් ප්‍රකාශ කළ බව අදාළ සාක්ෂිකාරිය කොමිසම හමුවේ කොමිසම හමුවේ අනාවරණය කළේ ය.ඊයේ සාක්ෂි දුන් තැනැත්තියට හිමි නිවසක් අර්ජුණ් ඇලෝසියස් වෙනුවෙන් වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම විසින් අත්සන් තබා කුලී පදනම මත ලබාගෙන තිබිණ.එහෙත් සාක්ෂිකාරියගේ ප්‍රකාශය මත තහවුරු වූයේ, අර්ජුණ් ඇලෝසියස් නිවස කුලී පදනම මත ලබා ගත්ත ද එහි පදිංචියට පැමිණෙන්නේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ පවුලක් බවයි.එම පවුල විසින් පසුව අදාළ නිවස රුපියල් මිලියන 165කට මිලදී ගනු ලැබ තිබේ.එම නිවස මිලදී ගෙන ඇත්තේ, ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ඇන්ඩ් ලොජෙස්ටික් සමාගමයි.අදාළ ප්‍රධාන පෙළේ අමාත්‍යවරයාගේ බිරිඳ සහ දියණිය එහි අධ්‍යක්ෂවරුන් ය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!