ISIS කැරලිකරුවන් ඉවරයක් කර සිරියානු ජනපතිගේ රාජ්‍ය බලය රැක දෙන්න මම කැප වෙනවා

Spread the love
  •  
  •  
  •  
  •  

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ගේ රාජ්‍ය බලය ආරක්ෂා කර දීම වෙනුවෙන් තමන් සැමවිටම කැපවන බව රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පූටින් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් අයි එස් කැරලිකරුවන්ට එරෙහිව තවදුරටත් ප‍්‍රහාර එල්ල කරන බවයි.

රුසියානු රාජ්‍ය රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. රුසියාවේ ප‍්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන්ට හානි සිදු වන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කරන බවයි ව්ලැඞ්මීර් පූටින් එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

රුසියාව තුළ සම්මුතිවාදී දේශපාලනයක් ගොඩ නැගීම තම අරමුණ බවද පූටින් මෙම සාකච්ඡාවේදී අවධාරණය කර සිටියා.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!