FCID ස්ථානාධිපතිට නොතිසි…

FCID ස්ථානාධිපතිට නොතිසි…

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප‍්‍රතිශෝධන ඇප අයදුමට අදාළව ලබන මස පළමුවෙනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අද නොතීසි නිකුත් කෙරුණි. ඒ, එම පෙත්සම කොළඹ මහාධිකරණය හමුවේ අද කැඳවන ලද අවස්ථාවේයි.
දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා චෝදනා ලබා සිටින්නේය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 18 වෙනිදායි.
කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබන මස පළමුවෙනිදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේය..

(Visited 13 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!