CSN රෑපවාහිනී විකාශන බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව පැවරෑ නඩුව විභාග කිරීම කල් දමයි.

CSN රෑපවාහිනී විකාශන බලපත්‍රය අවලංගු කිරීමට එරෙහිව පැවරෑ නඩුව විභාග කිරීම කල් දමයි.

Spread the love
  •  
  •  
  •  
  •  

සිය විකාශන බලපත්‍රය අවලංගු කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය ගත් තීරණය නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සී.එස්.එන් රූපවාහිනී නාලිකාව ඉදිරිපත් කළ පෙත්සමක් පිළිබඳව අදාළ නඩුව අද(03) කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා පෙත්සම විභාගයට ගැනීම කල්දමන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළ ඉල්ලීම සලකා බලා එම නඩුව විභාගයට ගැනීම අභියාචනාධිකරණය කල්දමා තිබේ. ඒ අනුව පෙත්සම විභාගය ජුනි මස 29 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

එදින තෙක් සී.එස්.එන් නාලිකාව සඳහා වෙන්කර තිබෙන සංඛ්‍යාත වෙනත් පාර්ශවයකට පැවරීම වැලැක්වීමේ තහනම් නියෝගය දීර්ඝ කරන බව අභියාචනාධිකරණය  තවදුරටත් දැනුම් දී තිබේ.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!