“C.I.D යනගමන් මහින්දගෙන් රනිල්ට රහස් දුරකථන ඇමතුමක්…..? “

“C.I.D යනගමන් මහින්දගෙන් රනිල්ට රහස් දුරකථන ඇමතුමක්…..? “

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගියදා ශීරන්ති රාජපක්ෂ මැතිණිය සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආ හිටපු ජනාධිපතිවරයාට අසුන් ගැනීමට එහි පහත මාලයේ කාමරයක අසුනක් සූදානම් කෙරුණද මහින්ද රාජපක්ෂ මහතා බොහෝ වේලාවක් පිවිසුම් කොරිඩෝවේ ගත කළේ තමන් සමග පැමිණ සිටි දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, ගීතා කුමාරසිංහ ඇතුළු මන්ත්‍රීවරුන්ද එහි සිටි නිසාය.ඔවුන් සියලු දෙනා එතැන රැඳී සිටියේද අපහසුවෙනි. ඊට හේතු වූයේ මූලස්ථානයේ පිවිසුම් කොරිඩෝවට යාබදව පිහිටි පහළ මාලයේ වැසිකිළියකින් නිකුත් වූ දුගඳ නිසාය.මේවා පිරිසිදු කරගන්නවත් මේ මිනිස්සුන්ට වුවමනාවක් නැති හැටි. යැයි මහින්ද රාජපක්ෂ මහතා එහිදී කීවේය. බොහෝ වේලා එතැන රැඳී සිටි හිටපු ජනාධිපතිවරයා එතැන ගත කළ පැය තුනකට අධික කාලය ඇතුළත කාමරයක තමනට පනවා තිබූ අසුනෙහිද මඳ වේලාවක් ගත කළේය.ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරන මොහොතේම හිටපු ජනාධිපතිවරයාගේ බාල පුත්‍රයා වූ රෝහිත රාජපක්ෂගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කරමින් සිටියේ සමාගමක තාක්ෂණ අධ්‍යක්ෂ ධුරයක් දරමින් කළ කටයුතු පිළිබඳවය.ඊට පසුදින සී.අයි.ඩී.ය යෝෂිත රාජපක්ෂ මහතාගෙන්ද සිරිලිය සවිය වාහනයේ වර්ණය වෙනස් කිරීම පිළිබඳව ප්‍රශ්න කළේය. ඒ සඳහා සීඅයිඩීයට යන ගමනට මහින්ද රාජපක්ෂ මහතාද යෝෂිත සමග එක්ව සිටියේය. විජේරාම මාවතේ නිල නිවසේ සිට කොටුවේ සී.අයි.ඩී. මූලස්ථානය කරා යන අතරතුර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඇමතුමක් ලබා ගත්තේය.මම කතා කළේ පැමිණිල්ලක් කරන්න. අර සීඅයිඩී එකට ඇතුළුවෙන කොරිඩෝ එකේ මෙලෝ මනුස්සයකුට ඉන්න බෑ. තනිකරම වැසිකිළි ගඳයි. මේ මිනිස්සු තමන් ඉන්න තැනවත් හරියට පිරිසිදු කරගෙන නෑ. ඒ වගේ තැනකට ඇතුළු වෙන කොට වැසිකිළි ගඳක් දැනෙනවා කියන්නෙ ඉතින් අනිත් වැඩ ගැන මොන කතාද? ‍පොඩ්ඩක් ඔය ගැන හොයලා බලන්න.අනිත් එක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් එතැනට ගියොත් ඒ අයටවත් රැඳිලා ඉන්න තැනක් නෑ. ඒ ගැනත් බලන්න. මහින්ද රාජපක්ෂ මහතා කළ පැමිණිල්ල සාවධානව අසා සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ ගැන සොයා බලන බවට පිළිතුරු දුන්නේය.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!