“ASP රංගේගේ ආරක්ෂක සාජන්ට ප්‍රා. මන්ත්‍රීගෙන් තර්ජන “

“ASP රංගේගේ ආරක්ෂක සාජන්ට ප්‍රා. මන්ත්‍රීගෙන් තර්ජන “

Spread the love
  •  
  •  
  •  
  •  

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ ආරක්ෂක නිලධාරියෙකුට දුරකථනයෙන් බැන වැදී තර්ජණය කළ බව කියන ආණමඩුව ප්‍රාදේශීය
සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය කියයි.පසුගිය 30 වැනිදා සවස 3.42 ට පමණ තමාගේ ජංගම දුරකථනයට කථා කළ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු එ.ජා.ප මන්ත්‍රීවරයෙකු වන නෙල්සන් ජයවීර යන අය බැන වැදී තර්ජනය කළ බව පොලිස් සැරයන් 26944 සුජිත් අමරවංශ යන අය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.සිද්ධියට සම්බන්ධ නෙල්සන් ජයවීර යන අය පසුගිය සමයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ලෙස කටයුතු කළ නමුත් ඔහුට මෙවර නාම යෝජනා ලැබී නැත.

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!