“මටත් දෙපාරක්ම බෝම්බ ගැහුවා… ” – දතා දොස්තර

“මටත් දෙපාරක්ම බෝම්බ ගැහුවා… ” – දතා දොස්තර

Spread the love
  • 61
  •  
  •  
  •  
    61
    Shares

“බෝම්බ පිපිරීම්වලින් තුවාල ලැබූවන් සියලු දෙනා රෝහල්වලට රැගෙන එනු ලැබුවේ ගිලන් රථ වලින්. යුද්ධය පැවැති කාලයේ සිදු වූ බෝම්බ පිපිරීම් වලින් තුවාල ලැබූවන් රැගෙන එනු ලැබුයේ ලොරි රථ හා බස් රථ මඟින්.
තුවාල ලැබූවන් ඇතුලත් කර ඇති සෑම රෝහලකටම අවශ්‍ය සියලුම පහසුකම් ලබාදී තිබෙනවා. ශල්‍යාගාර දැඩි සත්කාර ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකක ක්‍රියාත්මක අතර, රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙල විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද අගය කළා.
මෙම අවස්ථාවේ දී සාමකාමීව කටයුතු කළ යුතුයි. ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර දෙකකට මමත් ලක් වුනා. ඇතැම් විට ජාතිවාදය අවුලවන්න පුළුවන්. දේශපාලන වාසි ලබාගන්න පුළුවන්. සියලු දෙනාම ජාති ආගම් කුල බේදයෙන් තොරව කටයුතු කළ යුතුයි.
කට කතා වලට රැවටෙන්න එපා. මීට පෙර ද කටකතා පැතුරුනා.
සමාජ ජාලා වෙබ් අඩවි වල පළ වූ ලිපියක් පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. විවිධ කල්ලි ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කර තිබෙනවා. මේවා හදලා නිකුත් කළේ කවුද කියලා සොයා බලනවා. මුළු දිවයිනටම බලපාන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළීවෙළක් ක්‍රියාත්මකයි.”

(Visited 150 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!