වැලි ජාවාරම්කරුවන්ගේ ගැටුම – නාවික හමුදාවේ හතකගෙන් ප්‍රකාශ ගනියි

වැලි ජාවාරම්කරුවන්ගේ ගැටුම – නාවික හමුදාවේ හතකගෙන් ප්‍රකාශ ගනියි

Spread the love
  •  
  •  
  •  
  •  

ත්‍රිකුණාමලය, කන්ඩල්කාඩු පාලම අසළදී වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුමක් අතරතුර ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් පොලිසිය නාවික හමුදා සමාජිකයින් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් සහ පොලිස් නිලධාරීන්ගෙන් ද අද දිනයේ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.
මෙම සිද්ධිය අවස්ථාවේ ජංගම දුරකතන මගින් පටිගත කරන ලද විඩියෝ දර්ශන ඉදිරි විමර්ශන සඳහා උපයෝගී කරගන්නා බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ කණ්ඩායම් දෙකක් අනියුක්ත කර ඇති බවද පොලිසිය පවසයි.
මෙහිදී ඇතිවූ නොසන්සුතාව අතරතුර විරෝධතාකරුවන් එල්ල කළ ගල් මුල් ප්‍රහාරවලින් තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවන නාවික හමුදා සමාජිකයෙකු කොළඹ නාවික හමුදා ජාතික රෝහලට මාරුකර එවා තිබේ.

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!