7ක් මරා කා 3ක් මියගියේ මෙහෙමයි… මෙන්න පැටිකිරිය…

7ක් මරා කා 3ක් මියගියේ මෙහෙමයි… මෙන්න පැටිකිරිය…

Spread the love
  •  
  •  
  •  
  •  

අම්පාර වානගමුව, ජුම්මා මුස්‌ලිම් පල්ලියේ පැවති උත්සවයේදී රාත්‍රි ආහාර අනුභව කිරීමෙන් පසු ආහාර විෂවීම හේතුවෙන් මියගිය ගණන මේ වන විට තුන දක්‌වා ඉහළ ගොස්‌ ඇත.
රෝහල්ගත කිරීමෙන් පසු මොවුන් මියගොස්‌ තිබේ.
මෙසේ මියගොස්‌ ඇත්තේ අබුබකර් මොහමඩ් කාසීම් (55) ඒ. එම්. හලීම් (48) සහ කේ. ඒ. කණ්‌ඩු (66) යන අයයි. මොවුන් එරගම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
අම්පාර එරගම වානගමුව 10 කොළණියේ ජුම්මා පල්ලියේ සුන්නතුල් වල් ජමාල් ආගමික සංවිධානය මගින් දානයක්‌ පස්‌වනදා දහවල් සිට ලබා දීමට කටයුතු සුදානම් කර තිබිණි.
හාර පන්දහසකට මෙම දානය ලබා දීම සඳහා හාල් කිලෝ දහසක්‌ ගෙනවිත් ඇති අතර ගවයන් 07 දෙනකු මරා මස්‌ පිණිස ගෙන ඇත. ගවයකු මස්‌ පිණිස මරන්නේ නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදයක්‌ තිබේ. නමුත් මෙම ස්‌ථානයේ ඒ ක්‍රමවේදය අනුගමනය කර නොමැති බව අනාවරණය වී ඇත.
මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයාගේ නිර්දේශය මෙම ගවයින් මරා දැමීමට ලැබී නැත. පල්ලියේ පිරිස අදාළ අවසරය ගැනීමට කටයුතු කර නැත. මස්‌ පිණිස ගවයින් මරා දමන්නේ නම් අවසාන වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයා පරීක්‌ෂා කර අවසර දිය යුතු අතර මරා දැමූ පසු ද මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරයා එම ගවයන් පරීක්‌ෂා කළ යුතුය.
05 වැනිදා සවස්‌ යාමයේ සහ රාත්‍රියේත් මෙම ස්‌ථානයෙන් දානය රැගෙන ගොස්‌ තිබිණි. අවසානයේදී පස්‌වනදා රාත්‍රි සහ 06 වැනිදා වමනය සහ ක්‌ලාන්තය, බඩේ එළිය යැම වැනි රෝග ලක්‌ෂණ මතුවීම නිසා එරගම සහ අක්‌කරපත්තුව ඇතුළු රෝහල්වලට විශාල වශයෙන් රෝගීහු ඇදී එන්නට වූහ. ඒ රෝහල් වල අඩු වෛද්‍යවරුන් පිරිසක්‌ සිටින අතර අති විශාල ප්‍රමාණයක්‌ රෝගීන් පැමිණීම නිසා දැඩිසේ එම රෝහල් කාර්ය මණ්‌ඩලය ද අසරණ වූහ. ඒ නිසා බොහෝ රොගින් අම්පාර මහ රෝහලට පිටත් කරල යවන්නට කටයුතු කර තිබිණි.
ඒ ආකාරයෙන්ම අක්‌කරපත්තුව රෝහල ඇතුළු එරගම අවට තිබෙන රෝහල් සඳහා ද මේ ආකාරයෙන් රෝගීන් ඇතුළු කරවන්නට විය. මේ අවස්‌ථාවේ අම්පාර නියෝජ්‍ය පොලිස්‌පති නුවන් වෙදසිංහ මහතා කඩිනමින් ක්‍රියාත්මක වී අම්පාර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සාමන්ත විඡේසිංහ මහතාගේ මෙහයවීමෙන් දමන පොලිසියේ ස්‌ථානාධිපති පො.ප. හර්ෂජීව, අම්පාර අපරාධ ස්‌ථාන විද්‍යාත්මක පරීක්‌ෂා කිරීමේ අංශයේ ස්‌ථානාධිපති පො.ප. අමරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කඩිනමින් මේ පිළිබඳව පරීක්‌ෂණ ආරම්භ කළහ.
නැඟෙනහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ඒ. එල්. නසිර් මහතා ද මෙම ස්‌ථානයට පැමිණ අම්පාර සහ ඒ අවට රොහල්වලින් ගිලන් රථ, වෛද්‍යවරුන් සහ රෝහල් සේවක කාර්ය මණ්‌ඩල පිරිස්‌ ගෙන්වා මෙම රෝගීන්ට ප්‍රතිකාර සිදු කළහ.
06 වැනිදා සවස වන විට එරගම රෝහලට රෝගීන් 400 කට ආසන්න ප්‍රමාණයක්‌ ප්‍රතිකාර සඳහා පැමිණ තිබූ අතර ඒ අවට රෝහල්වල ද තවත් පිරිසක්‌ ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටියහ.
06 වැනිදා සවස වන විට එරගම රෝහලට වැල නොකැඩී තව තවත් පාලනය කර ගැනීමට නොහැකි සේ රෝගීහු පැමිණෙන්නට වූහ. කුඩා දරුවෝ, ගැබිනි මවුවරු වයසක පිරිස්‌ ඒ අතර වූහ. ඒ වනවිටත් අම්පාර නියොජ්‍ය පොලිස්‌පති නුවන් වෙදසිංහ මහතා කඩිනමින් ක්‍රියාත්මක වී අම්පාර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි සාමන්ත විඡේසිංහ මහතා සමඟ එම ස්‌ථානයට පැමිණ අවට ස්‌ථානවල පොලිස්‌ නිළධාරීන් ගෙන්වා එරගම රෝහලට පැමිණි පිරිස්‌ පාලනය කරමින් මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සහය දක්‌වමින් අදාළ පරීක්‌ෂණ කටයුතු මෙහයවන්නට වූහ.
එරගම රෝහලේ ගොඩනැඟිලි මෙම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවීම නිසා එළිමහනේ පැදුරු සහ ඇතිරිලි දමා සේලයින් ලබා දෙමින් ප්‍රතිකාර ලබා දෙන්නට විණි. ආහාර විෂ වීමෙන් දැඩි අපහසුවෙන් සිටි පිරිස්‌ ගිලන් රථ විශාල ප්‍රමාණයක්‌ යොදවා ඒ අවට සෑම රෝහලකටම පිටත්කර යවනු ලැබිණි.
මෙම සැකසූ ආහාරවල කොටස්‌ 06 වැනිදා රාත්‍රි්‍රයේම පරික්‌ෂා කිරීම සඳහා රස පරීක්‌ෂකවරයා වෙත යවා තිබේ. මෙම ආහාර විෂ වීම නිසා දහසකට අධික පිරිසක්‌ රෝගීව ප්‍රතිකාර ගෙන ඇති අතර ඉන් 900 කට අධික පිරිසක්‌ මෙම ප්‍රදේශයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගනිමින් සිට ඇත.
07 වැනිදා උදෑසන මෙම සටහන් තබන විටත් 450 දෙනකු පමණ නේවාසිකව එරගම සහ අවට රෝහල්වල ප්‍රතිකාර ලබා ගනිමින් සිටියහ.
අම්පාර නියෝජ්‍ය පොලිස්‌පති නුවන් වෙදසිංහ මහතාගේ උපදෙස්‌ මත අම්පාර කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සාමන්ත විඡේසිංහ මහතාගේ මෙහයවීමෙන් දමන පොලිසියේ ස්‌ථානාධිපති පො.ප. හර්ෂජීව, උ.පො.ප. සුනිල් දිසානායක, අම්පාර අපරාධ ස්‌ථාන විද්‍යාත්මක පරීක්‌ෂා කිරීමේ අංශයේ ස්‌ථානාධිපති පො.ප. අමරසිංහ යන මහත්වරුන් සහ එහි පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන (27770) මංජුල, (44193) සමන්, (66500) සිරිවර්ධන, (76549) ලියනගේ, (77044) රෝහණ ඇතුළු නිලධාරි පිරිසක්‌ මේ පිළිබඳව පරීක්‌ෂණ පවත්වමින් සිටිති.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!