“ආත්මයකටවත් යළි ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇති නොවේ” – මේජර් ජනරාල් මහේෂ් සේනානායක

“ආත්මයකටවත් යළි ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇති නොවේ” – මේජර් ජනරාල් මහේෂ් සේනානායක

Spread the love
  •  
  •  
  •  
  •  

ඉදිරි වසර දහයේ දී නොව ආත්මයකටවත් යළි ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇති නොවන බව තමන්ට විශ්වාස යැයි යාපනය පළාත බාර යුද හමුදා ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක පැවසුවේය.
හමුදා ප්‍රධානියා මේ බව කියා සිටියේ 11 වැනිදා යාපනය හමුදා මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ය.
‘යුද්ධයක් නැතත් යුදහමුදාව උතුරේ රැදී සිටීම නිසා සාමාන්‍ය වැසියන්ට ඉන් විශාල යහපතක් මෙන්ම සේවාවක් සිදුවනවා. උතුරේ සිද්ධස්ථානවල සිදුවන සෑම කටයුත්තක දී මෙන්ම ආපදා අවස්ථාවල දී යුද හමුදාව සාමාන්‍ය වැසියන් සමග ඉතා මිතුරුව තමයි කටයුතු කරන්නේ. වසර ගණනාවක් පැවති යුද්ධය නිසා උතුරේ ජනතාව යුද හමුදාව සමග ගනුදෙනු කිරීම යම් කිසි දුරස් වීමක් පෙනෙන්නට ඇතත් යුද හමුදාව සහ සෙසු ආරක්ෂක අංශ කවුරුන්දැයි යන්න තේරුම් ගැනීමටත් ඔවුන්ව හඳුනාගැනීමටත් උත්සාහ කරන මෙන් ඉල්ලා සිටිනවා‘
තමන්ට ඇති සියලුම ප්‍රශ්න ළඟම පිහිටි හමුදා කඳවුර වෙත ඉදිරිපත් කොට සහනයක් ලබාගන්න ඕනෑම දුක්ගැනවිල්ලක් යුද හමුදාව වෙත ඉදිරිපත් කළ හැකි බව ද ඔහු කීවේය.
නමුත් මේ දිනවල දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් කියා සිටින්නේ යුද්ධය හමාර වී වසර හතක් ගත වී ඇති බැවින් යුද හමුදාව වහාම උතුරු පළාතෙන් ඉවත් විය යුතු බවයි.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් වවුනියාවේදී මෙන්ම උතුරේ ස්ථාන කීපයකදීම පවසා ඇත්තේ යුදහමුදාව උතුරෙන් ඉවත් කොට ඒ වෙනුවට පොලිස් බල ඇණි යොදා උතුරේ වැසියන්ට ආරක්ෂාව සපයා දිය යුතු බවයි.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!