පාතාලය පාන්දරම වැඩ අරඹමින් අයෙකු මරා දමයි

පාතාලය පාන්දරම වැඩ අරඹමින් අයෙකු මරා දමයි

Spread the love
  •  
  •  
  •  
  •  

සීදුව රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට අද (9) අලුයම ත්‍රී රෝද රියදුරකු පොලුවලින් ගසා මරා දමා ඇතැයි පොලිසිය කියයි. සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ සාදයකින් පසු දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් 22 හැවිරිදි තරුණයෙකු මෙසේ මියගොස් තිබේ.
ඊයේ රාත්‍රී තුවාල සහිතව බිම වැටී සිටි තරුණයෙකු සීදුව රෝහලට ඇතුළු කර අනතුරුව රාගම රෝහලට මාරු කිරීමෙන් පසු මියගොස් ඇත. සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති අතර වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!