“අපේ ETCA ගිවිසුමට මහින්ද විරුද්ධ වීම ගැන හරි පුදුමයි…” – ඉන්දීය මහකොමසාරිස්

“අපේ ETCA ගිවිසුමට මහින්ද විරුද්ධ වීම ගැන හරි පුදුමයි…” – ඉන්දීය මහකොමසාරිස්

Spread the love
  •  
  •  
  •  
  •  

එට්කා ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුට හිතවත් පාර්ශවය විරෝධය පළ කිරීම ගැන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් වයි.කේ සිංහා විමතිය පළ කර තිබේ.
එමගින් ඉන්දියානු ශ්‍රමිකයින්ට ශ්‍රී ලංකාව තුළ රැකියා කිරීමට ඉඩ ලැබෙන බවට හිටපු ජනාධිපතිවරයා, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් ඇතුළු රාජපක්ෂ හිතවාදීන් අදහස් පළ කිරීම ගැන සිංහා මහතා එලෙස විමතිය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වුවද එම ගිවිසුමට විරුද්ධව අදහස් දක්වන විපක්ෂ දේශපාලනඥයින් කිසිවෙකුගේ නමක් හෙළි කිරීමට ඔහු වග බලාගෙන ඇත.
එම වාර්තාවලට අනූව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී සීපා ගිවිසුම ගෙන ඒමට ඉන්දියාව සමග සාකච්ඡා පැවැති බව වයි.කේ සිංහා පෙන්වා දෙයි.
එහෙත් එම ගිවිසුම මගින් දෙරට අතර ශ්‍රමිකයින් හුවමාරුව සිදුවන බවට චෝදනා එල්ලවිය.
සීපා ගිවිසුම අත්සන් කිරීමට එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරුන් ද සම්බන්ධ වූ අවස්ථාවක දැන් එම පිරිසම එට්කා ගිවිසුමට විරුද්ධ වීම පුදුම සහගත බව සිංහා මහතා පවසා ඇත.
සීපා ගිවිසුමට වඩා එට්කා ගිවිසුමෙන් ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා උදාවන බවත්, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා එහිදී ප්‍රධාන වන බවත්, පවසා ඇති ඉන්දියානු මහකොමසාරිස්වරයා 2000 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක නිදහස් වෙළඳ ගිවිසුමෙන්ද ශ්‍රී ලංකාවට මෙතෙක් වාසි සැලසී නැති බව සඳහන් කර තිබේ.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!