“අපටත් අයිතිවාසිකම් පොජ්ජ ඕනා…” – ආදිවාසීන්

“අපටත් අයිතිවාසිකම් පොජ්ජ ඕනා…” – ආදිවාසීන්

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී ලංකාවේ යෝජිත නව ව්‍යවස්ථාව මගින් සමස්ත වැදි ප්‍රජාවගේ සාම්ප්‍රදායික අයිතිවාසිකම් තහවුරු කළ යුතු බව දඹානේ ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසයි.
සිය පාරම්පරික අයිතිවාසිකම් සහතික කිරීම සඳහා අවශ්‍ය යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසනු ලබන කමිටුව වෙත පසුගියදා බදුල්ලේ රැස් වූ අවස්ථාවේ භාරදුන් බවත් ඌරුවරිගේ වන්නියලැත්තෝ සඳහන් කළේය.
රට පුරා දිස්ත්‍රික්ක හයක පිහිටි ගම්මාන 62 ක වෙසෙන වැදි ජනතාවට වර්තමානය වන විට දුෂ්කරතා රාශියකට මුහුණ පෑමට සිදු වී ඇති බව ඔහු කියා සිටියේ, බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
උදාහරණයක් වශයෙන් ආදිවාසී සම්ප්‍රදායන්ට අනුව ළඟ තබා ගන්නා කෙටේරිය සිය පාරම්පරික වාසස්ථානවලින් පිටතදී ආයුධයක් ලෙස සලකනු ලැබීම හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වී ඇති බව ඔහු පැවසුවේය.

‘පිළිගැනීම් පොජ්ජ’

”මොනම ජාති පොජ්ජකට හරි අනන්‍යතා පොජ්ජක් තිබෙනවා. ඒ ඇත්තන්ගේ සංස්කෘතියේ හැටියට පරම්පරා පොජ්ජේ හැටියට තියන ඒ දේවල් ඇන්න මන්ගච්චන්න අවසර පොජ්ජ තියෙන්න ඕනි. ඉතින් අවසර පොජ්ජ තිබෙන්න නම් ආණ්ඩු පොජ්ජේ පිළිගැනීම් පොජ්ජක් තිබෙන්න ඕනි.”
ඇතැම් පළාත්වල වෙසෙන ආදිවාසී ජනයාට වනාන්තරවලට ඇතුළු වීම පවා තහනම් කොට තිබෙන බවත් ඔහු පැවසීය.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!