බන්ධනාගාර කොටින්ගේ ආහාර වර්ජනය දිගටම

බන්ධනාගාර කොටින්ගේ ආහාර වර්ජනය දිගටම

Spread the love
  •  
  •  
  •  
  •  

ආහාර වර්ජනය කරමින් ආරම්භ කර ඇති උපවාසය අඛන්ඩව සිදු කර බව අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක නිරතව සිටින එල්.ටී.ටී.ඊ රැඳවූවන් දෙදෙනා ප්‍රකාශ කර තිබේ.
ඔවුන් සඳහන් කර ඇත්තේ සිය ඉල්ලීම් කෙරෙහි රජය මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින් තමන් අඛන්ඩව උපවාසයේ නිරත වන බවයි.
තමන්ට එරෙහිව චෝදනා ඇත්නම් නඩු පැවරිය යුතු බවත් එසේ නොමැති නම් තමන්ව මුදාහැරිය යුතු බව පවසමින් පසුගිය 22 වනදා සිට රැඳවූවන් එම උපවාසය ආරම්භ කර තිබුණි.
කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කළේ රැඳවූවන්ට නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි.
මේ අතර මැගසින් බන්ධනාගාරයේ ද රැඳවූවන් 13 දෙනෙකු උපවාසයක් ආරම්භ කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති බව නිශාන් ධනසිංහ මහතා සඳහන් කර තිබේ.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!