“එස්.බී කියන්නේ යන යන තැන පලාතම ගඳ ගස්සන උරුලෑවෙක්” – ප්‍රසන්න

Spread the love
  •  
  •  
  •  
  •  

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිකම වර්තමාන සභාපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලබා ගත්තේ බලෙන් බවත් මීට අදාල මූලික සාකච්ඡ පැවැත්වුණේ එවකට බස්නාහිර පළාතේ ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස තමන් රැදී සිටි කොළඹ නිල නිවසේදී බවත්, ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ යහපාලන ආණ්ඩුවේ වරදාන වරප‍්‍රසාද ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් සිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේම ඇතැමුන් මහින්ද රාජපක්‍ෂ මහතාට ඊට බලකල බවයි.
එස්.බී. දිසානායක අමාත්‍යවරයා ඊයේ (15) මහින්ද රාජපක්‍ෂ මහතාට අපහාස කිරීම දැඩි ලෙස හෙලා දකින බව පැවසූ රණතුංග මහතා එස්.බී. දිසානායක මහතා උරුලෑවෙකුට සම කලේය. උරුලෑවා යන යන තැන ගද ගස්සන සතෙකු බවත් ඌ සිටින තැන සිටීමට කිසිදු සතෙක් කැමති නැති බවත් පෙන්වා දුන් රණතුංග මහතා යහපාලන එස්.බී.දිසානායක ඇමතිවරයා උරුලෑවෙකු මෙන් පක්‍ෂයම ගද ගස්සවන බවද කීවේය.
වර්තමාන දේශපාලන තත්වය පැහැදිලි කිරීම සදහා රණතුංග මහතාගේ උඩුගම්පල නිවසේදී අද (16) මෙම මාධ්‍ය හමුව කැදවා තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.
‘අද හැමෝම දන්නවා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ කණ්ඩායම් දෙකක් තියෙනවා. එක කණ්ඩායමක් ඉන්නේ යහ පාලන තුරුල්ලේ. අනිත් අය ඉන්නේ ජනතාවත් එක්ක. ජනතාවත් එක්ක ඉන්නේ ඒකාබද්ධ විපක්‍ෂය අපි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණෙදි ජනතාව ප‍්‍රතික්ෂේප කරපු අද රනිල් වික‍්‍රමසිංහගෙ තුරුල්ලෙ ඉන්න අපේ පක්‍ෂෙ උදවිය කිය කියා යනවා ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න අයට ජන පදනමක් නෑ කියලා. ලංකාවේ දිස්ති‍්‍රක්ක 22න් පහුගිය මැතිවරණයේදී සංධානයෙන් තරග වැදිලා තේරී පත්වුණු මන්තී‍්‍රවරු 83න් 50ට වැඩි පිරිසක් ඉන්නේ අපිත් එක්ක. දිස්ති‍්‍රක්ක විදියට ගත්තොත් දිස්ති‍්‍රක්කවලින් පලවෙනියා වෙච්ච 14ක් අපිත් එක්ක ඉන්නවා. ඒකෙන් 13ක්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ . අපිට ජන පදනමක් නැහැයි කියන්නේ කිසිම ජන පදනමක් නැති ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උදවියයි. මේ අය අද කටයුතු කරන්නේ මරු විකල්ලෙන්. මේ අයගෙන් සමහරු තමයි පක්‍ෂය බලහත්කාරයෙන් ගන්න දැන් ඉන්න සභාපතිවරයාට යටින් උදව් කලේ.
පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පලමු මධ්‍යම කාරක සභාව තිබුණේ පක්‍ෂ කාර්යාලයේ. ඒ වෙලාවෙම මෛතී‍්‍රපාල මහත්තයගෙ ගෙදරට අපේ මධ්‍යම කාරක සභිකයො සමහරු ගෙන්නල තිබුනා. මේ අය පක්‍ෂෙ මහ ලේකම් භාණ්ඩාගාරික වගේ තනතුරුත් පත්කර ගත්තා. එතනින් පස්සේ මහින්ද මහත්තයගේ ප‍්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වුණේ එවකට බස්නාහිර මහ ඇමතිවරයා වුණු මා රැුදී සිටි කොළඹ නිල නිවසේ. එතනදි කතා වෙච්ච හැම දෙයක්ම මම දන්නවා. පක්‍ෂය ඉල්ලපු විදියත් දෙන්න සිද්ධ කල විදියත් මම දන්නවා. අවශ්‍ය වෙලාවට ඒවා හෙලි කරන්න අපි ලෑස්තියි.
අද ඔය මහින්ද මහත්තයට බැන බැන යන උදවියට එදා ඕනෑ වුනෙත් තමන්ට තනතුරු වරප‍්‍රසාද ගන්නයි. ඒ අය කටයුතු කලේ ඒ වෙනුවෙන් අද ඔය සමහරු කපුකම් කරනවා යැයි කිව්වට ඒ අය කපුකමේ ගියේ තනතුරු වරප‍්‍රසාද ගන්නයි. මහින්ද මහත්තයට එදා ඕන වුණේ පක්‍ෂය දෙකඩ කරන්නේ නැතුව රැක ගන්නයි. මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති වෙලා දින තුනත් ඇතුලත මේ සියල්ල සිදුවුණා. එතකොට ශිරන්ති මැතිනියටවත් , නාමල් මන්තී‍්‍රතුමාටවත් විරුද්ධව කිසිම චෝදනාවක් නැගිල තිබුණෙ නෑ. දැන් අපේ මේ සමහරු හදන්නේ එදා වගේම බොරු කියලා මහින්ද මහත්තය ගැන පාක්‍ෂිකයන්ගේ ආදරය නැති කරන්නයි. කවුද බොරු කියන්නේ කියලා පාක්‍ෂිකයෝ දන්නවා. පක්‍ෂය රනිල්ට පාවා දුන්නු එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක යහන් ගතවෙලා ඉන්න බොරු කාරයො කියන දේවල් ජනතාව විශ්වාස කරන්නේ නෑ.
මාධ්‍යවේදියෙක් – එස්.බී.දිසානායක ඇමතිවරයා හිටපු ජනාධිපතිතුමා කලවැද්දෙකුට සමාන කරලා තිබුණා.
පිලිතුර – එස්.බී කියන්නේ ගුණමකුවෙක් ඔහු මීට පෙර චන්ද්‍රිකා හිටපු ජනාධිපතිතුමියව හෙඵවැල්ලෙන් පාරේ ඇවිද්දවනවයි කියපු කෙනෙක් . ඔහු හරියට උරුලෑවෙක් වගේ. යන යන තැන ගද ගස්සනවා. අද ඔහු අපේ පක්‍ෂයත් ගද ගස්සනවා. මේ රට කොටි ත‍්‍රස්තවාදයෙන් මුදාගෙන රට ගොඩනැගූ නායකයා මහින්ද මහත්තයා. එතුමා තමයි හිරේ හිටපු එස්.බී ඇමතිතුමාව නිදහස් කලේ. එතකොටම පැහැදිලියි එස්.බී.කොතරම් ගුනමකුවෙක්ද කියන එක
මාධ්‍යවේදියෙක් – එදා එක ආණ්ඩුවෙ එක කැබිනට් එකේ හිටපු අය තමයි අද මහින්ද මහත්තයව විවේචනය කරන්නේ. ඒ ගැන ඔබේ අදහස
පිලිතුර – රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා පහුගිය දවසක කැබිනට් එකේ සාමූහික වගකීම ගැන ඇමතිවරුන්ට පාඩමක් කියල දීලා තිබුණා. අද කැබිනට් එකේ ඉන්න සමහරු එදා මහින්ද මහත්තයගේ කැබිනට් එකේ හිටපු අය ගිලෙන්න ඉන්න එකා පිදුරු ගහේ එල්ලෙනවා වාගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ යහ පාලන ඇමතිවරු තමන්ගෙ තනතුරු රැක ගන්න මහින්ද මහත්තයව විවේචනය කරනවා. මේ අයට පිලිතුරු දෙන්න අපේ පාක්‍ෂිකයෝ බලාගෙනයි ඉන්නේ. අද ගම්වල ශී‍්‍ර ලංකා කාරයින්ගෙන් සීයට අනූ පහක්ම ඉන්නේ මහින්ද සමගයි. අපි මොන ප‍්‍රශ්ණ ආවත් ඒ පක්‍ෂිකයන්ගේ අපේක්‍ෂාව කඩන්නේ නෑ.
ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඉන්දික අනුරුද්ධ මහතා –
අද ආණ්ඩුව හොදටම බයවෙලා. ඒ නිසයි මහින්ද මහත්තය එක්ක ඉන්න පිරිසට පහර ගහන්නේ. ප‍්‍රාදේශී සභා මන්තී‍්‍රවරුන්ට චෝදනා කරන්නේ අපි අභියෝග කරනවා පුඵවන්නම් පලාත් පාලන ඡන්දය තියන්න. අවලාද නගන්න එපා. ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරු තමයි අපේ හදවත. මැතිවරණ කල් දැමීමෙන් පැහැදිලි වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නිරුවතයි. අපි දැනටමත් ඊට විරුද්ධව අධිකරණයට ගිහින් තියෙනවා. අපි හිතනවා අපිට සාධාරණය ඉටු වෙයි කියලා. එස්.බී දිසානායක ගැන කතාකරන්න මම කැමති නෑ. ඔහු ජනතාව අතර අවලංගු කාසියක් .

– ප‍්‍රදීප් අනුර කුමාර

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!