“සිරිසේන-රනිල් සුසංයෝගයෙන්පුංචි ලංකාව තුල ඔබලාව රජ කරවන්න අපි සමග එකතු වෙන්න…” – රවී

“සිරිසේන-රනිල් සුසංයෝගයෙන්පුංචි ලංකාව තුල ඔබලාව රජ කරවන්න අපි සමග එකතු වෙන්න…” – රවී

Spread the love
  •  
  •  
  •  
  •  

කරුණාකර වාසනාව නිවැරදිව ආයෝජනය කරන්න. මෙමඟින් තම ජීවිතය සරු කරගන්න යනුවෙන් මුදල් අමාත්‍යය රවි කරුණානායක පසුගියදා (12) මුදල් අමාත්‍යාංශයේ පැවති රුපියල් විසි එක්‌කෝටි හැටපන් ලක්‌ෂයක්‌ වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම ජයග්‍රහණය රටේ හැමතැනටම ගෙන යැම පිළිබඳව ජාතික ලොතරැයි මණ්‌ඩලයේ අවධානය යොමු වීම වැදගත් වන බවයි.
මේ රට තුළ පිරිසිදු පාලනයක්‌ ඇති කිරීම දුෂ්කර වුවත් ජාතික ලොතරැයි මණ්‌ඩලය එම කාර්යය ආරම්භ කිරීම ගැන ආඩම්බර වන බවත් හෙතෙම කීවේය.
පුංචි ලංකාව අලුත් ලංකාවක්‌ ලෙස ගමන් කරමින් සිටින බවත්, අද ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය නිසියාකාරව ගොඩනැගෙමින් තිබෙන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහගේ සුසංයෝගයෙන් නිර්මාණය වූ යහපාලන ආණ්‌ඩුවේ අවශ්‍යතාව ජනතාව රජ කරවීම බවත්, පෙන්වාදුන් මුදල් අමාත්‍යවරයා අලුත් ලංකාවක්‌ බිහි කරන්න එකතුවෙන ලෙසද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
ජාතික ලොතරැයි මණ්‌ඩලය මඟින් දිනුම් අදින ලද 1230 වන ගොවිසෙත සුපිරි ත්‍යාගය වන මෙරට ඉතිහාසයේ සුවිශාලතම ත්‍යාග මුදල වන රුපියල් දහතුන් කෝටි දහතුන් ලක්‌ෂ හැට දහස්‌ එකසිය තිස්‌ හයයි ශත හතළිහක ත්‍යාග මුදල හිමිකරගත්තේ පදලංගල පදිංචි ඒ. එල්. කේ. කීර්ති කුමාර මහතාය. මෙම ජයග්‍රහාහී ටිකට්‌පත අලෙවි කරන ලද්දේ ජාතික ලොතරැයි මණ්‌ඩලයේ ඇඹිලිපිටිය අලෙවි නියෝජිත එච්. ජී. ප්‍රියන්ත මහතාය.
මෙම අවස්‌ථාවට ජාතික ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිනි ශර්මිලා පෙරේරා මහත්මිය ඇතුළු එම මණ්‌ඩලයේ නිලධාරීහුද සහභාගි වී සිටියහ.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!