හිරුනිකාගේ ගම ලේ විලක් කරමින් එක තැන 3ක් මරා දමයි

හිරුනිකාගේ ගම ලේ විලක් කරමින් එක තැන 3ක් මරා දමයි

Spread the love
  •  
  •  
  •  
  •  

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ රාත්‍රී 11.55ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
වැල්ලම්පිටිය ගෙවල් 20 ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්. වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් ‍කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක්, 24ක් සහ 49ක් වන අය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!