සුදත්ත හිමි සහ අරියශාන්ත හිමි මහර බන්ධනාගාරයට

සුදත්ත හිමි සහ අරියශාන්ත හිමි මහර බන්ධනාගාරයට

Spread the love
  •  
  •  
  •  
  •  

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිංහල රාවය මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ පූජ්‍ය බඩල්කුඹුරේ අරියශාන්ත හිමියන් මහර බන්ධනාගාරයට මාරුකර ඇත.මීට පෙර මෙම භික්ෂූන් වහන්සේ දෙනම රඳවා සිටියේ කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේය.ඉඩකඩ ප‍්‍රමාණවත් නොවීම නිසා උන්වහන්සේ මහර බන්ධනාගාරයට මාරු කළ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා පවසයි. පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ පූජ්‍ය බඩල්කුඹුරේ අරියශාන්ත හිමියන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේදී ඉකුත්දා කළහකාරීව හැසිරීම සම්බන්ධයෙන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් මේ වන විට හඳුනාගෙන ඇතැයි ද ඔවුන් පැමිණ භාර නොවුණහොත් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බවද පොලිසිය පවසයි. සිරුරට ගිනි තබාගැනීමට උත්සහ කළ පූජ්‍ය කිරම දේවින්ද හිමියන් ද ඒ අතර සිටින බව වාර්තාවේ.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!