“රාජපක්ෂවරුන්ගෙන් දිගින් දිගටම පළිගන්නේ නම් අපි සටනට සුදානම් ” – මර්වින්

“රාජපක්ෂවරුන්ගෙන් දිගින් දිගටම පළිගන්නේ නම් අපි සටනට සුදානම් ” – මර්වින්

Spread the love
  •  
  •  
  •  
  •  

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකොට රාජපක්ෂවරුන්ගෙන් දිගින් දිගටම පළිගැනීම් සිදු වන්නේ නම් තමන් නිහඬව නොසිටින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ ගිරුවාගම්දොලොස්දාහේ මාගම්පත්තුවේ උපන් කෙනෙක් ලෙසත් රාජපක්ෂවරුන් සමග දේශපාලනය ඇරඹු කෙනෙක් ලෙසත් එවැනි අවස්ථාවක ඇහැ කන පියාගෙන සිටිය නොහැකි බව නිසාය. ඕනෑම අවස්ථාවක ජනතාව සමග නැගී සිටින බවද ඔහු පවසා ඇත.පියෙකු ලෙස තම දරුවෙකු විපතකට පත් වූ පසු ඇති වන සංවේගය තමන් අත්විඳ ඇති බවද මර්වින් සිල්වා මහතා පවසා ඇත. කෙසේ වෙතත් අධිකරණ තීන්දුවකට එරෙහි විය නොහැකි බව නිසාත් තමන්ට කුමන ප්‍රශ්නයක් ඇති වූවද දීර්ඝ කාලයක සිට දන්නා හඳුනන රාජපක්ෂවරුන්ට විපතක් ඇති වන අවස්ථාවකදී සංවේගයට පත්වන බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා සමග පසුගිය මැතිවරණයෙන් පසු මෙතෙක් කතා නොකළ බවද ඔහු පවසා ඇත.යෝෂිත රාජපක්ෂ මහතා බැලීමට මෙතෙක් බන්ධනාගාරයට නොගිය බවද තමන් යම් තැනකට යන්නේ නම් යන්නේ ආපසු හැරී ඒමට නොවන බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!