ප්‍රියංකා – දීපිකා  ඩබලට අධ්‍යක්ෂවරු පොරකයි….

ප්‍රියංකා – දීපිකා ඩබලට අධ්‍යක්ෂවරු පොරකයි….

Spread the love
  •  
  •  
  •  
  •  

ප්‍රියංකා චොප්රා සහ දීපිකා පදුකෝන් කියන්නේ බොලිවුඩයේ දැනට ඉන්න සුපිරි තරු දෙකක්. ඔවුන්ගේ ඉල්ලුම දවසින් දවස වැඩිවෙනවා ඒකට බොහෝ හේතු තියෙනවා. වඩාත් කැපී පේන්නේ කිසිම නළුවෙක්ගේ සහයෝගයක් නැතිව ර‍ඟපෑ හැම ෆිල්ම් එකක්ම වාර්තා පොත් පුරවපු හින්දා. වාර්තා තියන්න තරම් මේ දෙන්නා වගේ තවත් නෑ කියලත් බොලිවුඩයේ විචාරකයන් පවසයි. මේ දෙන්නගේ හැකියාව හින්දම හැම Direrctor කෙනෙක්ම මේ සුපිරි නිළියන් යුවළ ගන්න පොර කනවා කියල ආරංචි පැතිරෙයි. ප්‍රියංකා- දීපිකා ‘ඩබල’ එකම ෆිල්ම් එකෙන් දකින්ට ලැබුනානේ…ඒ තමයි Bajirao Mastani . දෙසැම්බර් 18 වෙනිදා එළිදැක්කේ අමෙරිකාවෙදී.16වන සියවසේ ඉන්දියාව ගැන කියවෙන ෆිල්ම් එක පැය 2කුත් විනාඩි 38ක් තිර ගත වූ බව පැවසේ. සුමියුරු නාද රටා මවන්නේ Leela Bhansali සහ Sanchit Balhara. 2015 වසරේ වැඩිම ආදායම ලැබූ 10වෙනි ෆිල්ම් එක තමයි Bajirao Mastani. මුල් දින කිහිපයේදී පමණක් කෝටි 86.15ක අදායමක් ලැබූ බව වාර්තාවේ.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!