කෙල්ලෙක්ට තම රහස් ප්‍රදේශය පෙන්නු කොල්ලෙක්

කෙල්ලෙක්ට තම රහස් ප්‍රදේශය පෙන්නු කොල්ලෙක්

Spread the love
  •  
  •  
  •  
  •  

තරුණියන් තිදෙනෙකුට තම රහස් ප්‍රදේශය පෙන්වා ඔවුන්ගේ හිරි ඔතප් බිඳීමට තැත් කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කල්පිටිය පොලීසිය පවසයි.ඊයේ( 25 ) සවස කල්පිටිය නගරයේදී මෙම සිද්ධිය සිදුවී ඇති බව වාර්තාවේ.තමන් මිතුරියන් දෙදෙනෙකු සමග මාර්ගයේ සිටින විට පැමිණි අයෙකු ඔහුගේ රහස් ප්‍රදේශය පෙන්වා සිටි බව සිද්ධියට මුහුණ දුන් තරුණිය ඇයගේ මවද සමග පැමිණ කල්පිටිය පොලීසියට පැමිණිල්ලක් කර ඇත.ඒ අනුව ක්‍රියා කල කල්පිටිය පොලීසිය විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය – කුරක්කන්හේන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.අදාළ තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට සිතක් පහළවීම නිසා ඇයට කොළයක ලියූ තම දුරකථන අංකය ලබා දුන්නා හැර වෙනත් දෙයක් සිදු නොවූ බව අත්අඩංගුවට ගෙන ඇති තරුණයා පොලීසිය හමුවේ පවසා ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කල්පිටිය සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ කල්පිටිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!