ශ‍්‍රීලනිපය ලෙස වෙනම තරඟ කරනවාද? නැද්ද ? තීන්දුව අද

ශ‍්‍රීලනිපය ලෙස වෙනම තරඟ කරනවාද? නැද්ද ? තීන්දුව අද

Spread the love
  •  
  •  
  •  
  •  

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි විධායක සභා රැස්වීමක් අද (26) පැවැත්වේ. ඒ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඊට පෙර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩුවේ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනම රැස්වීමක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ.
මෙම රැස්වීම්වලදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත. තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස මැතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැතහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස වෙනම තරග කරන්නේ ද යන වැදගත් තීන්දුව ද මෙහිදී ගැනීමට නියමිතව ඇත.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!