ඥානසාර හිමිට නඩු

Spread the love
  •  
  •  
  •  
  •  

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට නොබෝ වේලාවකට පෙර හෝමාගම පොලිසියට පැමිණ ඇත. ඒ, ඊයේ (25) රාත‍්‍රී ලිඛිතව කෙරුණු දැනුම් දීමකට අනුව බව වාර්තාවේ.කළහකාරීව හැසිරෙමින් අධිකරණයට අපහාස කළ බවට සැකපිට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඊයේ වරෙන්තු නිකුත් කෙරුණ අතර අද (26) උදෑසන 10.00ට හෝමාගම පොලිසිය හමුවේ පෙනී සිටීමට උන්වහන්සේට වෙත කැඳවීමක් ලැබී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි. අත්අඩංගුවට පත්වීමට වුවද තමන් වහන්සේ සූදානම් බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසිය.මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වීම සම්බන්ධයෙන් නඩුව එම අධිකරණයේදී ඊයේ විභාගට ගැනුණා. ඒ, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් නඩුවක් එම අධිකරණයේ විභාග වෙමින් තිබියදී ඔහුගේ භාර්යාව වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට බැන තර්ජනය කළ බව කියන සිද්ධියකට අදාළව එහිදී ඇති වූ කිසියම් සිද්ධියකින් පසුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත අද (26) වරෙන්තු නිකුත් කර ඇත.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!