ශ්‍රීලනිපය  දිනවන්න මහින්ද – මෛත්‍රී එක්විය යුතුයි…

ශ්‍රීලනිපය දිනවන්න මහින්ද – මෛත්‍රී එක්විය යුතුයි…

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රීලනිපය කුමන මට්ටමේ පිරිසක් වුවත් වෙනත් පක්ෂයක් බිහිකලහොත් ස්ථිර වශයෙන්ම සිදුවන්නේ එජාපය ඉදිරි පළාත් පාලන මැතිවරණය පහසුවෙන් ජය ගැනීම බව සන්ධාන මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි. ශ්‍රීලනිපය දැන් කල යුතු වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්කරගෙන යන ගමණක් බවත් එජාපය දිනවන්නට උවමනා අය ඇතොත් නව පක්ෂයක් ආරම්භ කල හැකිබවද ඔහු පවසයි. ඇමතිකම් ගෙන ආණ්ඩුවට එක්වන අය විපක්‍ෂයේ තවත් සිටිය හැකි බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

කෙසේ වෙතත් විපක්‍ෂයේ බොහා් මන්ත‍්‍රීන් ප‍්‍රසිද්ධියේ පවසමින් සිටින්නේ පසුගිය මහ මැතිවණයේදී සන්ධානය නොබෙදී තරඟ කලත් ජය නොගත් අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන එජාපය ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීම ඊට හේතු වූ බවත්ය. ගමේ පාක්‍ෂිකයින් කිසි සේත්ම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන නායකත්වය දරණ සන්ධානයකට ඡන්දය නොදෙන බවද ඔහු ප‍්‍රසිද්ධියේ පැවසීය.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!