ධීවරයින්ගෙන් ගුටි බැට සංදර්ශනයක්

ධීවරයින්ගෙන් ගුටි බැට සංදර්ශනයක්

Spread the love
  •  
  •  
  •  
  •  

ධීවර ගැටළු සම්බන්ධයෙන් ධීවර ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හලාවත දී අද (14) දහවල් පැවති සාකච්ඡාවක් ගුටි බැට හුවමාරුවකින් නිමාවට පත් වී තිබේ. ඒ ධීවර සංස්ථාවට අයත් හලාවත පොදු මාළු වෙළද සැල් භූමියේ පිහිටි කාර්යාලයේදී පැවති සාකච්ඡාවක් අතරතුරදීය. හලාවත ධීවර වරාය ඉදිකිරීම, පොදු මාළු වෙළද පල ඉදිකිරීම,හලාවත මෝය අසල ගල් වැටියක් ස්ථාපනය කිරීම ආදී කරුණු මෙහිදී සාකච්ඡා වී ඇත.

මෙම සාකච්ඡාව අතර තුර මසුන් මැරීම සදහා යොදා ගන්න ධීවර පන්නයක් සම්බන්ධයෙන් ධීවරයින් දෙදෙනෙකු අතර ඇතිවූ කථා බහක් දුර දිග යාමෙන් පසුව එය ගුටි බැට හුවමාරුවක් බවට පත් වී ඇත.දෙපාර්ශවය ගුටි බැට හුවමාරු කර ගන්න අතර තුර ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාව ඔහුගේ ආරක්ෂකයින් විසින් මෝටර් රථය වෙත ගෙන ගොස් පිටත් කර යැවූ බව වාර්තාවේ. අනතුරුව එම ස්ථානයේ සිටි ධීවර නිලධාරින් සහ පොලීසිය එක්ව දෙපාර්ශවය දෙපසට යවා සිද්ධිය සමථයකට පත් කර ඇති අතර එම සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදුවූ නොවූ බව වාර්තාවේ.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!