සේයා දියණියගේ නඩුව දිනපතාම විභාගයට

සේයා දියණියගේ නඩුව දිනපතාම විභාගයට

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

සේයා සදෙව්මි ඝාතන නඩුව පැමිණිල්ලේ ඉල්ලීම මත විශේෂ නඩු විභාගයක්‌ වශයෙන් ජනවාරි මස 25 වැනිදා සිට දිනපතා විභාග කරන බවට ප්‍රකාශ කළ බස්‌නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඒ සඳහා පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන් තිස්‌දෙනාට (30) අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා කඩිනමින් සිතාසි නිකුත් කිරීමට (13 දා) නියෝග කළාය.
මෙහි විත්තිකරු වූයේ කොටදෙනියාව අකරන්ගහ බඩල්ගම පදිංචි ඉලන්දාරිදේවගේ සමන් ජයලත් (34) නමැත්තෙකි. 2015 සැප්තැම්බර් මස 11 වැනි දා මැදියම් රැයේ තම නිවසේ නිදා සිටි සේයා සදෙව්මි (අවුරුදු 4 මාස 11) දැරිය දෙමාපිය භාරකාරත්වයෙන් පැහැරගෙන යාම, බරපතල අමානුෂික ලිංගික අතවර කිරීම, ඇය දූෂණය කිරීම ඝාතනය කිරීම ඇතුළු අධිචෝදනා 4 ක්‌ මත විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා මීගමුව මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.
මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්‌ථාවේ රජයේ අධිනීතීඥ හංස අබේරත්න, ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්‌ඩාර යන මහත්වරුන් සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයෝෂා ජිනසේන මෙනවිය කරුණු දක්‌වමින් මෙම විශේෂ නඩුව ජනවාරි මස 25 දා සිට දිනපතා විභාගයට ගන්නා ලෙස ඉල්ලුම් කළාය.
ඊට අමතරව අධිචෝදනා පත්‍රයට අමතරව තවත් ලේඛන හතරක්‌ විත්තියට පිටපත් සහිතව ඉදිරිපත් කරන බවත් මෙම නඩුව පරිවේශනීය සාක්‍ෂි මත ගොඩ නැගී ඇති බැවින් 1979 අපරාධ නඩු විධිවිධාන පනතේ (සංග්‍රහයේ) 450 වගන්තිය යටතේ පිළිගැනීමේ යෝජනා 52 ක්‌ විත්තිය වෙත ඉදිරිපත් කර ඇති බවත් පැවසුවාය. පැමිණිල්ලෙන් ඉදිරිපත් කළ කරුණු පිළිගත් මහාධිකරණ විනිසුරුවරිය නඩු විභාගය ජනවාරි මස 25 දා ආරම්භ වන බව ප්‍රකාශ කළාය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ හංස අබේරත්න, ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්‌ඩාර යන මහත්වරු සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේශා ජිනසේන මෙනවිය පෙනී සිටියාය. විත්තිය වෙනුවෙන් නීතීඥ චතුර අමරතුංග මහතා පෙනී සිටියේය.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!