සෙල්ෆි ගන්න තහනම්

සෙල්ෆි ගන්න තහනම්

Spread the love
  •  
  •  
  •  
  •  

සෙල්ෆි ගැනීම තරුණ තරුණියන් අතර ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව වී ඇත. මේ හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් මිය ගිය අවස්ථා රටවල් කිහිපයකින්ම වාර්තා වේ. පසුගිය දා සෙල්ෆියක් ගැනීමට ගොස් ඉන්දියාවේ ගිර්ගෝමි චව්පති වෙරළේ දී 18 හැවිරිදි දැරියක් මුහුදට වැටී මිය යාම ඉන් එක් අවස්ථාවක් වේ. මේ අනතුරත් සමග මුම්බායි හි ස්ථාන 16ක සෙල්ෆි තහනම් කිරීමට මුම්බායි පොලීසිය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කර ඇත. සංචාරක ආකර්ශනය දිනාගත් භන්ද‍්‍රා කොටුව, සියොන් කොටුව හා වෝල් කොටුව යන ස්ථාන ද මේ අතරට නම් කර තිබේ.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!