ශ‍්‍රිලනිපය පරදවන්න රනිල් ආසන සංවිධායකයන්ට උපදෙස් දීලා…

Spread the love
  •  
  •  
  •  
  •  

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රිලනිපය පරදවා එජාපය අනිවාර්යයෙන්ම ජයග‍්‍රහණය කරවිය යුතු යයි එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම පක්‍ෂ සියලූ ආසන සංවිධායකයන්ට උපදෙස් දී ඇත. මෙම පිරිස කොළඹට කැදවා පැවති සාකච්ජාවකදී වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ යහපාලන ප‍්‍රතිපත්තිය රට තුල ක‍්‍රියාත්මක වෙද්දී පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජාතික පක්‍ෂය ලබාගත යුතු බවයි. ආණ්ඩුව දැනට ආරම්භ කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ පිළිබදව ජනතාව දැනුවත් කිරීම මෙහිදී මූලික කර සලකන ලෙසද අගමැතිවරයා එහිදී උපදෙස් දී ඇත.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!