වාරයේ ඇති වාහන විකුණන්න රේගුවට බලය තියනවා

වාරයේ ඇති වාහන විකුණන්න රේගුවට බලය තියනවා

Spread the love
  •  
  •  
  •  
  •  

2016 අයවැයට පෙර ණයවර ලිපි විවෘත කළ වාහන සඳහා බදු සහන ලබාදීම පිළිබඳව නිල දැනුම් දීමක් රේගුව වෙත තවමත් ලැබී නැහැ. මෙම අයවැය මගින් බොහෝ වාහනවල බදු වැඩි කෙරුණු අතර එහෙත් ආනයනකරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන අයවැයට පෙර ණයවර ලිපි විවෘත කළ වාහන සඳහා අදාළ බදු සංශෝධන කි‍්‍රයාත්මක නොකිරීමට ආණ්ඩුව පසුව තීරණය කර ඇත.ඒ බව වරින් වර විවිධ ස්ථානවලදී ප‍්‍රකාශ කෙරුණත් නිල දැනුම් දීමක් ලැබෙන තෙක් ප‍්‍රකාශිත බදු සහනය ලබාදිය නොහැකි බවයි රේගුව පවසන්නේ. බදු සහනය ලැබෙන තෙක් සිය වාහන නිදහස් කරගැනීම ආනයනකරුවන් විසින් ප‍්‍රමාද කරමින් සිටිනවා.මේ නිසා හම්බන්තොට වරායේ වාහන රැසක් ගොඩගැසී තිබෙන බවයි ඇතැම් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ. ලෙස්ලි ගාමිණී මහතා ප්‍රකාශ කලේ ආනයනය කිරීමෙන් පසු නිදහස් කර නොගෙන තවදුරටත් වරායේ රඳවා තැබෙන වාහන හෝ වෙනත් ඕනෑම දෙයක් කිසියම් කාලයකින් පසු අවශ්‍ය නම් විකුණා දැමීමට රේගුවට බලය තිබෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

“රේගු ආඥා පනතේ විධිවිදාන අනුව යම්කිසි පුද්ගලයෙක් යම් කිසි භාණ්ඩයක් ආනයනය කරලා දවස් 30ක් යනකන් රේගුව භාරයේ තියෙනවා. දවස් 30ක් ගියාට පසුව රේගු ආඥා පනතේ විධිවිදාන අනුව අවශ්‍යනම් මෙයා මේක නිෂ්කාෂනය කරන්න ගියේ නැහැ කියලා රේගු ආඥා පනතේ විධිවිදාන අනුව කටයුතු කරන්න පුළුවන්. රේගු ආඥා පනතේ විධිවිදානයේ තියෙන්නේ ඒවා විකුණලා අදාළ තීරුබදු හෝ අනෙකුත් ගාස්තු අයකරගෙන ඉතුරුවක් තිබුනොත් ඒ පුද්ගලයාට ලබාදෙන්න පුළුවන්”.
නිදහස් කර නොගෙන වරායේ රඳවා තැබෙන වාහන හෝ වෙනත් ඕනෑම දෙයක් සඳහා ප‍්‍රමාද ගාස්තු ද අය කෙරෙනවා. කෙසේ වෙතත් 2016 අයවැයට පෙර ණයවර ලිපි විවෘත කර ආනයනය කළ වාහන සඳහා මෙම ප‍්‍රමාද ගාස්තුද අය නොකරන බවයි ආණ්ඩුව කියා සිටියේ.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!