‘පිං පොං’ මාල හොරෙක්

‘පිං පොං’ මාල හොරෙක්

Spread the love
  •  
  •  
  •  
  •  

රජිත හිරාන්, නැතිනම් ‘පිං පොං’ ළඟ දී දවසක හොඳටම ගුටිකාලා. මතක හිටින වැඩේ කියන්නේ උපන් දිනේ දවසේ තමයි ඒ තෑග්ග ලැබිලා තියෙන්නේ. විනෝදයෙන් හිටිය දවස නිසා වෙන්න ඇති. එදා සුනිල් ශ්‍රීගේ ‘තොත්ත බබාලා’ ගමට ඇවිත් තිබුණු වෙලාවේ රජිත යාළුවො දෙන්නෙකුත් එක්ක බලන්ට ගිහින් තිබුණා යනකොටත් ‘හවුස් ෆුල්’ රුපියල් සීයක් දීලා ඇතුළට ගිහින් ‘තොත්ත බබාලා’ බලලා එනකොට ගොඩක් රෑ බෝ වෙලා තිබුනලු රජිත යාළුවො දෙන්නත් එක්කම ගෙදරට දුවගෙන එනකොට පිං පොං ඉස්සරහින් සහ යාලුවෝ දෙන්නා පිටුපස්සෙන් දුවගෙන ඇවිත් තිබුණා. අතර මගදී එක්තරා හැඩි දැඩි හයේ හතරේ ‘පොරක්’ – පිං පොං අල්ලගෙන කතා කරන්ට දීලත් නැතුව පිං පොං ට දිගට හරහට ගහලා. අර මනුස්සය හිතල තියෙන්නේ පිං පොං හොරෙක් කියලා. මාලයක් කඩා ගෙන යන හින්දා තව දෙන්නෙක් පන්නගෙන එනවා කියලා ඔහු හොදටම පිං පොංට ගහලා. රජිත හිරාන් අදටත් කිය කියා හිනා වෙනවලු.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!