පුද්ගලයෙකු ඝාතනය කර ආරවුල

පුද්ගලයෙකු ඝාතනය කර ආරවුල

Spread the love
  •  
  •  
  •  
  •  

වැලිගම, බණ්ඩාරමුල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බව පොලිසිය පවසයි.පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා මාතර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.ඝාතනය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තාවේ.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!