ගොවීන්ගේ වී අන්තර්ජාලයෙන් මිලට ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

එළඹෙන මහ කන්නයේදී වී මිලට ගැනීම සඳහා ගොවීන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ නව ක‍්‍රමයක් වී අලෙවි මණ්ඩලය විසින් හඳුන්වා දී ඇත. ගොවීන්ට තම අස්වැන්න වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට නම් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමට සිදුවනු ඇත.වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරන්නේ ගොවීන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීම මගින් වී මිලට ගැනීමේදී සිදුවන බොහෝ අක‍්‍රමිකතා සහ ප‍්‍රමාදයන් වළක්වාගත හැකි බවයි.

නමුත් බොහෝ ගොවීන් මේ සඳහා අසතුට පල කරන අතර හම්බන්තොට දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් සහ ගොවීන් අතර උණුසුම් සංවාදයක් ද සිදුවිය.අන්තර්ජාල පහසුකම් නොමැති හෝ අන්තර්ජාල භාවිතය පිළිබද අවබෝධයක් නොමැති ගොවීන්ට සිදුවන අසාධාරණය පිළිබඳව විමසූ විට දිසානායක මහතා ප්‍රකාශ කළේ ගොවීන්ට සහය වීම සඳහා සිය නිලධාරීන් සූදානමින් සිටින බවයි.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!