සිරියගේ ආණ්ඩුවෙන් පරිප්පු කන්නත් බැරිවෙන ලකුණු

Spread the love
  •  
  •  
  •  
  •  

ඉදිරියේදී පරිප්පු හා සීනි හිඟයක් ඇතිවිය හැකි බවට තොග වෙළඳුන් අනතුරු අඟවනවා. පිටකොටුව තොග වෙළඳ සංගමයේ ලේකම් කේ. නාදන් පැවසුවේ රජය මගින් පනවා ඇති උපරිම සිල්ලර මිලට පරිප්පු හා සීනි තවදුරටත් අලෙවි කළ නොහැකි බවයි.
පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක් සඳහා උපරිම සිල්ලර මිලක් රජය නියමකළේ ඉදිරි වසර සදහා වන අය වැයෙන් බවත් ඒ අනුව පරිප්පු කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 169.00 ක පාලන මිලක් නියම වුවද එහෙත් තවමත් සීනි සඳහා නව පාලන මිලක් ප්‍රකාශයට පත් වී නැත.

ඒ අනුව පෙර පැවති පාලන මිල බලපැවැත්වෙන අතර ඇසුරුම් නොකළ සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 87.00 කටත් ඇසුරුම් කළ සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 95.00 කටත් අලෙවි කිරීමට වෙළඳුන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය මත ඉදිරියේදී පරිප්පු හා සීනි හිඟයක් ඇතිවිය හැකි බවට පිටකොටුව තොග වෙළඳ සංගමය පවසයි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!