රුපියල් දෙකක් ඉල්ලු නිර්මාල්ගේ බෙල්ලෙන් අල්ලා එලියට දමයි

රුපියල් දෙකක් ඉල්ලු නිර්මාල්ගේ බෙල්ලෙන් අල්ලා එලියට දමයි

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් දෙකක් මිලදීගෙන ඉතිරි රුපියල් දෙක ඉල්ලූ විට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ බෙල්ලෙන් අල්ලා එළියට දමා ඇතැයි ඔහු පොලිසියට පැමිණිලි කර ඇත.
තමා මුහුණ පෑ සිද්ධිය විස්තර කරමින් දේවසිරි මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දමා තිබේ.
‘අද උදේ ටෙලිපෝන් සහ ඉන්ටනෙට් කාඩ් කීපයක් ගැනීමට පන්නිපිටිය හන්දියේ වෙළදසැලකට ගියෙමි. රු. 49ක් හා 99 ක් වටිනා ඉන්ටනෙට් කාඩ් වල ඉතිරි රුපියල් දෙක නොලැබුණි. ඒ පිළිබද විමසූ විට රුපියල් දෙක කව්රුත් නොඉල්ලන බව කියමින් ඔහු මගේ ඇගට ආවේය. රුපියල් දෙක මට වැදගත් බැවින් එය අවශ්‍ය බව කී පසුව පසුව ඔහු චණ්ඩි ස්වරූපයක් ආරෝපණය කරගෙන මට රුපියල් දෙක දුන්නත් මා ඔහුට පාරිභෝභික අයිතිවාසිකම් ගැන දේශනයක් දීමට ගිය නිසා ඔහුට නැවතත් මල පැන්නේය. මට වෙළද සැළෙන් පිටවන ලෙස තර්ජනය කළේය. මම වෙළදසැළ ප්‍රසිද්ධ ස්ථානයක් බවත් මාව බලෙන් එළියට දැමීමට ඔහුට අයිතියක් නැති බවත් ඔහුට මතක් කර දුනිමි. පසුව ඔහු මගේ බෙල්ලෙන් අල්ලා එළියට දැමීය. මම මහරගම පොළිසියේ පැමිණිල්ලක් දැමුවෙමි. පොලීසියේදී ඔහු හමු වීමට බලා සිටිමි.‘

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!