මහින්ද – රනිල් රහස් සාකච්ඡාවෙන් සිරිසේන අතිශයෙන් කලබලයට පත්වේ…

මහින්ද – රනිල් රහස් සාකච්ඡාවෙන් සිරිසේන අතිශයෙන් කලබලයට පත්වේ…

Spread the love
  •  
  •  
  •  
  •  

අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඉකුත් සිකුරාදා (04) හමුවී ඇත. අගමැතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර හමුව විනාඩි 20ක පමණ කාලයක් පැවැති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර හමුව පැවැතී ඇත්තේ කාලයකට පසුවය.
හමුව මේ දෙදෙනා අතර පමණක් පැවැත්වී ඇති අතර වෙනත් කිසිවෙකු ඊට සහභාගි වී නැති බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම දෙදෙනා හදිසියේ හමුවූවේ මන්දැයි ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් අතර දැඩි කතා බහකට ලක්ව තිබේ.
පසුගිය මහා මැතිවරණ සමයේද එජාප නායකත්වය ආරක්ෂා කරගැනීමේ දැවැන්ත අභියෝගය නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මතුවෙමින් පැවති අතර එවකටද මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සංවාදයක් ඇතිවිය. ඒ සඳහා මෙම නායකයන් දෙදෙනාම භාවිතා කර ඇත්තේ ඉතා උපායශීලී මාර්ගයක්ය. විශ්වාසවන්ත සහ අප්‍රකට පුද්ගලයන් දෙදෙනෙකුගේ නමට ලබාගත් සිම් පත් දෙකක් භාවිතා කරමින් අද දින අන්තර්ජාලය වෙත ප්‍රවිෂ්ඨ වෙමින් නවතම පණිවුඩ හුවමාරු මාධ්‍යයක් භාවිතාකරමින් මෙම සංවාදය සිදුවී ඇත. මෙය ඉතා දියුණු තාක්ෂණයක් වන අතර රාජ්‍ය නායකයන් පණිවිඩ හුවමාරු කරගැනීම සඳහා භාවිතා කරන්නේ මෙම තාක්ෂණයයි. මෙහි විශේෂත්වය වනුයේ පණිවිඩ හුවමාරුව සිදුවන පුද්ගලයන් දෙදෙනා අතර හුවමාරු වනුයේ කේතිත (coded) පණිවිඩ වන අතර එය කියවීමට නම් පණිවිඩය ලබන අය පමණක් දන්නා ප්‍රතිකේතිත (decoded) යාන්ත්‍රණයක් භාවිතා කිරීමට සිදුවීමයි. එබැවින් මේ පණිවිඩය යම් තාක්ෂණයක් භාවිතා කරමින් වෙනත් අයෙක් මැදදී ලබාගත්තත් එම තැනැත්තාට එය කිසිසේත් කියවිය නොහැකිය.

(Visited 43 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!