යකඩ කුරු සහිත කූඩුවක දමා සිටි තවත් අම්මා කෙනෙක් සොයා ගනී

යකඩ කුරු සහිත කූඩුවක දමා සිටි තවත් අම්මා කෙනෙක් සොයා ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

වැසිකිළියක් අසල නාන කාමරයක දමා අගුල්දමා සිටි මහළු කාන්තාවක් සොයාගැනීමට මීටියාගොඩ පොලීසිය සමත් වී තිබේ. කාන්තාව වැසිකිළියක් අසල නාන කාමරයක දමා තිබෙන්නේ ඇයගේ මිණිබිරිය විසින්ය.
මීටියාගොඩ කළුවරබැද්ද ප්‍රදේශයේ මුදියන්සේවත්ත ප්‍රදේශයෙන් සොයා ගැනුණු මෙම මවගේ වයස අවුරුදු 78ක් පමණ වෙතියි වාර්තා වේ.
ඇයට දරුවන් තිදෙනෙක් සිටින අතර එක් අයෙක් පුතෙකු ද තවත් දියණියක් විදේශගතව සිටින බවද අනාවරණය වී ඇත. විදේශගතව සිටින එම කාන්තාවගේ දියණිය විසින් මෙලෙස මහළු මව නිසියාකාර දොරක් හෝ නොමැති අනාරක්ෂිත යකඩ ගේට්ටුවක් සහිත නානකාමරයේ සිර කර ඇත.
පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මහළු මව සොයාගෙන තිබේ.
ඇයව අනාරක්ෂිත ලෙස නානකාමරයේ දමා තිබූ මිණිබිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මහළු කාන්තාවගේ අනෙක් දියණියට දුරකථන ඇමතුමක් දී එම ස්ථානයට ගෙන්වාගෙන ඇයවද පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මව නිසියාකාරව රැකබලා නොගැනීම හේතුවෙනි.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!