පැරිෂුටයෙන් පනිද්දී වෙඩිතබා ඝාතනය කල නියමුවාගේ දේහය බාරදීමට තුර්කිය සුදානම්

පැරිෂුටයෙන් පනිද්දී වෙඩිතබා ඝාතනය කල නියමුවාගේ දේහය බාරදීමට තුර්කිය සුදානම්

Spread the love
  •  
  •  
  •  
  •  

සිරියානු දේශ සීමා කලාපයේදී බිම හෙලන ලද රුසියානු ප්‍රහාරක යානයේ ගමන් ගත් ගුවන් නියමුවාගේ මෘත ශරීරය සොයා ගත් බව තුර්කිය පවසයි.
රුසියානු ගුවන් නියමුවාගේ මෘත දේහය රුසියාව වෙත භාර දීම සඳහා කටයුතු සුදානම් කරමින් සිටින බවයි තුර්කිය කියා සිටියේ.
ගුවන් යානයට තුර්කි මිසයිල ප්‍රහාරයක් එල්ල වීමත් සමග පැරෂුටයක් ආධාරයෙන් ඉන් පිටතට පැන ගත් රුසියානු ගුවන් නියමුවා සිරියානු කැරලිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත් විය.
එම යානයේ ගමන් ගත් අනෙක් රුසියානු ගුවන් නියමුවා දිවි බේරා ගෙන ඇති බවයි රුසියාව නිවේදනය කළේ. මෙම සිදු වීම මුල් කර ගනිමින් රුසියාව සහ තුර්කිය අතර උණුසුම් තත්වයක් වර්ධනය වෙමින් පවතියි.
තම ප්‍රහාරක ගුවන් යානයක් බිම හෙලීම සම්බන්ධයෙන් විරෝධය පළ කර සිටින මොස්කව් පාලනය ඊට ප්‍රතිචාර වශයෙන් තුර්කියට එරෙහිව ආර්ථික සම්බාධක ගණනාවක් ක්‍රියාත්මක කරන බව පසුගිය සිකුරාදා නිවේදනය කළේය.
ප්‍රහාරයට ලක් වූ රුසියානු යානය තම ගුවන් කලාපය උල්ලංඝනය කරමින් පියසර කළ බවයි තුර්කිය කියා සිටියේ.
නමුත් රුසියාව දැඩි ලෙස කියා සිටින්නේ තුර්කි ප්‍රහාරක යානා විසින් ‘Su-24’ වර්ගයේ තම ප්‍රහාරක යානය වෙත මිසයිල ප්‍රහාර එල්ල කොට ඇත්තේ සිරියානු ගුවන් කලාපයේ පියාසර කරමින් සිටියදී බවයි.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!