මොහොමඩ්ගේ පියාගේ තොප්පිය හැරෙයි – ඊයේ වාස් සම්බන්ධයක් නෑ කියා අද එය ඉල්ලා අස්කර ගනී (හඬ පටය)

මොහොමඩ්ගේ පියාගේ තොප්පිය හැරෙයි – ඊයේ වාස් සම්බන්ධයක් නෑ කියා අද එය ඉල්ලා අස්කර ගනී (හඬ පටය)

Spread the love
  •  
  •  
  •  
  •  

ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම්ගේ පියා අද(28) විශේෂ ප්‍රකාශයක් කරනු ලැබ ඇත. ඒ, වැල්ලවත්තේ පිහිටි ඔහුගේ නිවසේදීය. එහිදී ඔහු සඳහන් කළේ තමන් ඊයේ (27) අධිකරණයෙන් පිටතදී කරන ලද ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවය.
ඒ මොහොතේ තමන් මානසික පීඩනයකින් සිටි බවයි ඔහු පවසන්නේ.
මොහොමඩ් ෂියාම් ගේ ඝාතනයට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ සම්බන්ධයක් නොමැති බව මොහොමඩ් ෂියාම්ගේ පියා ඊයේ අධිකරණයේ නඩු තීන්දුවෙන් පසුව මාධ්‍ය වෙත සඳහන් කළා.
මෙම ඝාතන නඩුවේ තීන්දුව ඊයේ (27) කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල විසින් නිකුත් කරනු ලැබුවා. හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනාම වරදකරු බවයි එම තීන්දුවේ සඳහන් වුණේ.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!