“අපේ සහෝදර සිසුවාගේ ඉල්ලීම ඉටු කරනු! හිරේ සිටින අපේ අය නිදහස් කරනු!..” – යාපනේ විශ්ව විද්‍යාල කොටි

“අපේ සහෝදර සිසුවාගේ ඉල්ලීම ඉටු කරනු! හිරේ සිටින අපේ අය නිදහස් කරනු!..” – යාපනේ විශ්ව විද්‍යාල කොටි

Spread the love
  •  
  •  
  •  
  •  

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා මියගිය යාපනය සිසුවාගේ ඉල්ලීම ඉටු කරන ලෙස රජයට බලකරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් කලු කොඩි රැගෙන අද (26) දහවල් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
විරෝධතාවයට එක් වු යාපනය විශ්ව විද්‍යාල සිසුන් පැවසුවේ දෙමළ ජනතාව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් දැඩි කණගාටුවෙන් පසුවන අතර, අදාළ කාරණය කෙරෙහි පවතින ශෝකය හේතුවෙන් පාසල් දරුවෙකු සියදිවි නසාගන්නා තත්වයට වර්තමාන පාලකයින් දෙමළ ජනතාව අපහසුතාවයට පත්කොට ඇති බවය.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා මියගිය යාපනය සහෝදර සිසුවාගේ ඉල්ලීම රජය ඉටු කළ යුතු අතර, අදාළ ඉල්ලීම ඉටු කිරීමට යාපනය විශ්ව විද්‍යාල සිසුන් දැඩි ලෙස බලපෑම් කිරීමට නියමිත බැව්ද පවසන ලදී.
කලු කොඩි ඔසවා අදාළ පිරිස විරෝධතාවයට එක්ව සිටි අතර, විරෝධතාවය වෙනුවෙන් විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක් සහභාගි වි සිටියහ.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!