“රවී බදු අඩු කරපු වාහන ලොවෙත් නෑ… ඒවා එන්නේ 2025දී..” – ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති

“රවී බදු අඩු කරපු වාහන ලොවෙත් නෑ… ඒවා එන්නේ 2025දී..” – ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති

Spread the love
  •  
  •  
  •  
  •  

මෙවර අයවැයෙන් නිෂ්පාදන බද්ද අඩුකොට ඇති වාහන වර්ග තවම ලෝකයේ කිසිදු රටක භාවිතා නොවන ඒවා බවත්, මුදල් ඇමතිවරයා අයවැය සකස් කොට ඇත්තේ 2025 වසරේ දී එළි දැකීමට තිබෙන වාහනවලට බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සමසභාපති කෝකිල දීකිරිවැව මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ සූර්ය බලශක්ති, හයිඩ්‍රජන් හෝ හීලියම් භාවිතයෙන් ක්‍රියාත්මක වාහන දැනට මෙරට භාවිත වන්නේදැයි කළ විමසීමකදීය.
මෙහිදී වැඩිදුරටත් දීකිරිවැව මහතා කියා සිටියේ ජපානයේ ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනවල පමණක් මෙවැනි වාහනවල ආකෘති (Models) දැකගත හැකි බවයි.
මෝටර් රථ වාහන සඳහා වන බදු ඉහළ දැමීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් කළ අයවැය කතාවේ දී පසුගියදා යෝජනා විය. මෙහිදී විශාල වශයෙන් බලපෑමට ලක්වූයේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා පනවා තිබූ 2.5% බද්ද 50% දක්වා ඉහළ නැංවීමයි. ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන නිසාන් ලීෆ් රථයක මිල ලක්ෂ 25 කින් පමණ ඉහළ යනු ඇතැයි පැවසේ.
එහෙත් වාහන වර්ග කිහිපයකම නිෂ්පාදන බදු අඩු කිරීමට ද මුදල් ඇමතිවරයා සිය අයවැය කතාවෙන් යෝජනා කර තිබේ. ඒ අනුව මුළුමනින්ම සූර්යතාපය, හයිඩ්‍රජන් හෝ හීලියම් මගින් ක්‍රියාත්මක වන වාහන සඳහා නිෂ්පාදන බද්ද 2.5% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සිය අයවැය යෝජනා මගින් කියා සිටියේ රටෙහි පිරිසිදු පරිසරය වැඩි දියුණු කිරීමට රජය විසින් ගනු ලබන පියවරයන් හි කොටසක් ලෙසින් අවම දහනයකින් යුත් පරිසර හිතකාමී වාහන භාවිතා කිරීම ධෛර්යමත් කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත් මෙවර අයවැයට පෙර එළිදක්වන ලද අතුරු අයවැය යෝජනා තුළින් හයිබ්‍රිඩ් මෝටර්රථ සඳහා වූ නිෂ්පාදන බද්ද ඉහළ දමා ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා අයකළ බද්ද 2.5% අඩු කිරීමේ දී, මුදල් අමත්‍යවරයා විසින් සිදුකළේද ඉහත ප්‍රකාශයට සමාන ප්‍රකාශයකි.

ඡායාරූපය – හොන්ඩා සමාගම විසින් අනාගතයේ දී එළිදැක්වීමට නියමිත සම්පූර්ණයෙන්ම සූර්ය තාපයෙන් ධාවනය වන මෝටර් රථයක්

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!