සමලිංගික ආදරයට වස කුප්පිය බාගෙට පිහිට වෙලා

Spread the love
  •  
  •  
  •  
  •  

අනුරාධපුරයේ පිහිටි දුම්රිය නිවාඩු නිකේතනයේ කාමරයක තරුණයන් දෙදෙනෙකු වල් නාශක පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවට වාර්තා වේ.
ඔවුන් කිඹුලාපිටිය සහ බුලත්සිංහල ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර තරුණයන් මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවද වාර්තා වේ.
මෙම තරුණයන් සමලිංගික ඇසුරු පවත්වන්නන් බවට සැක පහළ කරන අතර මෙම දෙදෙනා සමග සිටි තවත් තරුණයෙකු අතුරුදහන්ව ඇති බව බවට පොලිසිය ප්‍රකාශ කරයි.
නිවාඩු නිකේතනය භාරව සිටි අයකු දොර යටින් ද්‍රාවණයක් පිටතට පැමිණ ඇති ආකාරය දැක කාමරයේ දොර විවෘත කරන ලෙස දන්වා ඇතත් දොර විවෘත නොකිරීම නිසා දුම්රිය නිළධාරීන් පිරිසක් පැමිණ කාමරයේ දොර කඩා ඇත.
වස පානය කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් තරුණයන් දෙදෙනෙකු සිටිනු ඔවුන් එහිදී දැක ඇති අතර කෘමිනාශක බෝතල් තුනක් ද එහි තිබී සොයා ගෙන ඇත.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!