2016 වර්ෂයට ගිනි ගෙඩිය අද රවී ඉදිරිපත් කරයි…

2016 වර්ෂයට ගිනි ගෙඩිය අද රවී ඉදිරිපත් කරයි…

Spread the love
  •  
  •  
  •  
  •  

2016 වසර සඳහා වන අයවැය අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.
ඒ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද (20) පස්වරු 02 ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමෙන් පසුව මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කථාව සිදු කිරීමට නියමිතව ඇත.
2016 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත ඉකුත් ඔක්තෝබර් මස 23 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව 2016 වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත සේවා වියදම රුපියල් බිලියන 1941 ක්.
අයවැය යෝජනා අවසන් වශයෙන් සකස් කිරීම හා පිරික්සීම ඊයේ පස්වරුවේ සිදු කර ඇත.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ අධ්‍යාපන, සෞඛ්‍ය තරුණ තරුණියන් සහ යටිතල පහසුකම් යන ක්ෂේත‍්‍රයන් සම්බන්ධයෙන් මූලිකත්වය දෙමින් මෙවර අයවැය ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර ඇත.
මේ අතර අද (20) ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාවලියට අනුමැතිය ලබා ගැනීම සඳහා විශේෂ කැබිනට් මණ්ඩලයේ රැස්වීමක් අද (20) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!