3 පාරක් ‘තලාක්’ කියා කරන දික්කසාද ක්‍රමයට මුස්ලිම් කාන්තාවන්ගේ විරෝධය

3 පාරක් ‘තලාක්’ කියා කරන දික්කසාද ක්‍රමයට මුස්ලිම් කාන්තාවන්ගේ විරෝධය

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

ඉන්දීයාවේ මුස්ලිම් ජාතිකයින් අතර වන ක්ෂණික දික්කසාදය තහනම් කිරීමේ යෝජනාවට එරෙහිව එරට මුස්ලිම් කාන්තාවන් දහස් ගණනක පිරිසක් වීදි බැස තිබේ.
ෂරියා නීතියට වෙනත් මැදිහත්වීම් අවශ්‍ය නැතැයි ඔවුන් එහිදී ප්‍රකාශ කර තිබේ.
‘තලාක්’ යන වචනය තෙවරක් කීමෙන් තම භාර්යාව දික්කසාද කරන මුස්ලිම් පුරුෂයින්ට දඬුවම් කල හැකි වන පරිදි නව නීතියක් ගෙන ඒමට ඉන්දීය රජය සූදානම් වෙයි.
ඒ සඳහා වන කෙටුම්පත පසුගිය දෙසැම්බර් මාසයේදී පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.
කෙසේ නමුත් ඊට විරෝධය පල කරන මුස්ලිම් ජාතික කාන්තාවන් පවසන්නේ ෂරියා නීතිය යටතේ තමන් ආරක්ෂිත බවයි.
ඊට රජය මැදිහත් විය යුතු නැතැයිද ඔවුන් පෙන්වා දෙයි.
මුම්බායි නුවර පැවති මෙම විරෝධතාව සඳහා බුර්කා හැඳගත් මුස්ලිම් කාන්තාවන් සිය ගණනක පිරිසක් සහභාගිවී සිටියා.

(Visited 119 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!