කොරියාවේ ඉන්න අපේ අයට විශේෂ තානාපති නිවේදනයක්

කොරියාවේ ඉන්න අපේ අයට විශේෂ තානාපති නිවේදනයක්

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර පැනනැගී ඇති යුධමය වාතාවරණය හේතුකොටගෙන දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
එය පහත පරිදි වේ.

කොරියානු යුධමුක්ත කලාපය ආශ්‍රිත අර්බුදය

දකුණු කොරියාවේ උතුරු දේශසීමා යුධ මුක්ත කලාපය ආශ්‍රිතව උද්ගතවෙමින් පවත්නා අර්බුධකාරී තත්වය, දෙරට අතර දරුණු යුධ ගැටුමක් කරා වර්ධනය වීමේ ඉඩකඩ ඉතා අල්ප බව අපගේ හැඟීමයි. රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම තුළින් මෙම අර්බුදකාරී තත්වය සමනය කරගැනීමට හැකිවනු ඇතැයි අපගේ විශ්වාසයයි.
මෙම තානාපති කාර්යාලය දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්ෂාව පිළිබඳ අත්‍යන්ත අවධානයකින් කටයුතු කරන අතර, කිසියම් අවදානම් සහගත තත්වයක් උද්ගත වුවහොත් ඒ පිළිබඳ ඔබ දැනුවත් කිරීමට වගබලා ගන්නා බව අවධාරණය කරමි.
එබැවින් තානාපති කාර්යාලය අවධාරණය කර සිටින්නේ දැනට උතුරු යුධමුක්ත කලාපය ආශ්‍රිත තත්වය දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ තැති ගැනීමක් හෝ අනියත බියක් ඇතිකරගත යුතු හෝ තම සේවාස්ථාන වලින් බැහැරව සිටිය යුතු හෝ පෙරළා ශ්‍රී ලංකාව වෙත පිටත්ව යායුතු අනාරක්ෂිත යුධ තත්වයක් නොවේ.
කෙසේවෙතත්, උද්ගත වෙමින් පවත්නා තත්වය පිළිබඳ නිරතුරු අවධානයෙන් සිටින්න. එවැනි අනපේක්ෂිත තත්වයකදී ගතයුතු ක්‍රියාමාර්ග සඳහා මෙම තානාපති කාර්යාලය සමඟ නිරතුරු සම්බන්ධව වී සිටින්න.

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙහි සබඳතා
ලිපිනය: ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 347-359 ෂින්ඩැන්ග් – ඩොන්ග්, ජුන්ග් – ගු, සියෝල් 100-450, දකුණු කොරියාව.
විවෘත වේලාවන්: සඳුදා සිට සිකුරාදා : පෙ.ව.9 – ප.ව. 5
සෙනසුරාදා : ප.ව. 2 – ප.ව. 5
ඊමේල්: [email protected]
දුරකථන: + 82-2-735-2966
+ 82-2-735-2967
+ 82-2-794-2968
ෆැක්ස්: + 82-2-737-9577

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!