“2020 ජනාධිපති අපේක්ෂකයා ගෝඨා නෙමෙයි”- හිටපු ජනපති මහින්ද කියයි

“2020 ජනාධිපති අපේක්ෂකයා ගෝඨා නෙමෙයි”- හිටපු ජනපති මහින්ද කියයි

Spread the love
  • 16
  •  
  •  
  •  
    16
    Shares

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස සකස් කළ කූඨ ලේඛනයක්. කිසියම් පිරිසක් විසින් සමාජ ජාලාවලට මුදා හැර ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.ඊයේ (17) දිනයේ දී කිසියම් පිරිසක් විසින් සමාජ ජාලාවලට මෙම ලේඛනයන් මුදා හැර ඇති බව නිරීක්ෂණය කළ බවත්, මෙමඟින් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් නම් කර ඇති බවට සඳහන් කර ඇති බවත් ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.කෙසේ වෙතත් ඊළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු මහින්ද රාජපක්ෂ මහතා විසින් තවමත් නම් කර නොමැති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.මහින්ද රාජපක්ෂ මහතා සිංගප්පූරු සංචාරයක් සඳහා රටින් පිටවෙන තුරු බලාසිට මේ කූඨ ලේඛනය මුදා හැර තිබෙන බව පැහැදිලි වන බව ද නිවේදනයේ දැක්වෙයි.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන විට එය මාධ්‍ය නිවේදනයක් මඟින් නොකරන බවත්, එය ප්‍රසිද්ධ ස්ථානයක තමන් පුද්ගලිකවම සිදුකරන බවත් නිවේදනය මඟින් දැනුම් දී තිබේ.අදාල කූඨ ලේඛනයේ සිරස්තලය වූයේ “2020 ජනාධිපතිවරණය” යනුවෙන් බවත්, 2020 දී රටේ ජනාධිපතිවරණයක් නොමැති අතර, ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු වන්නේ 2019 දී බව ද අදාළ නිවේදනය මඟින් දක්වයි.ව්‍යවස්ථාවට අනුව 2019 දෙසැම්බර් 09 වෙනිදාට පෙර ඊළඟ ජනාධිපතිවරණය පවත්වා හමාර විය යුතු වන අතර, මේ බව මුලින්ම ජනතාවට දැණුම් දී සිටියේද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට කලකට පෙර නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් බවද මාධ්‍ය ලේකම්වරයා මෙහිදී පෙන්වා දී තිබේ.

(Visited 52 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!