“19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය තුළ සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්‌” – දිනේෂ්

“19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය තුළ සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්‌” – දිනේෂ්

Spread the love
  •  
  •  
  •  
  •  

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය තුළ සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක බව මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (01 වැනිදා) සඳහන් කළේය.
නව 19 වැනි සංශෝධනයේ 33 වැනි වගන්තිය තුළ ආගම් කොටස (ආ) වගන්තිය තුළ මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇති බවත් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය.
එම වගන්තිය අනුව ජනාධිපතිවරයා කටයුතු කළහොත් බුදුදහම ආරක්‍ෂා කිරීමට ඔහුට කිසිසේත් නොහැකි වනු ඇති බවත් කියා සිටි හෙතෙම එම තත්ත්වයට කිසි ලෙසකවත් එකඟවිය නොහැකි බවද සඳහන් කළේය.
මෙම ආණ්‌ඩුක්‍රම සංශෝධනය කුමක්‌ද යන්න පිළිබඳව රට තවම නොදන්නා බවත් කී දිනේෂ් ගුණවර්ධන මහතා මහජනයාට හොරෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන රටක්‌ ලොව වෙන කොහේවත් නැති බව හෙතෙම සඳහන් කළේය.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වැනි වගන්තිය අනුව බුද්ධ ශාසනය ආරක්‍ෂා කිරීමට රජය බැඳී සිටින බවත් එයට අත තැබිය නොහැකි බවත් කියා සිටි හෙතෙම එය වෙනස්‌ කළ හැක්‌කේ ජනමත විචාරණයකින් පමණක්‌ බවත් කියා සිටියේය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!