“18+ සැමට බදු ලිපිගොනුවක්….”

“18+ සැමට බදු ලිපිගොනුවක්….”

Spread the love
  •  
  •  
  •  
  •  

වයස අවුරුදු 18 වැඩි සෑම පුද්ගලයෙකු සඳහාම ඉදිරියේදී බදු ලිපිගොනුවක් ආරම්භ කිරීමට රජය බලපොරොත්තු වන බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.එසේ ලිපි ගොණුවක් ඇතිකළ පමණින් බදු ගෙවිය යුතු බව ඉන් නොකියවෙන බවද ඔහු අවධාරණය කර සිටියේය.දේශීය ආදායම් පනත් කෙටුම්පත විවාදය අරඹමින් අමාත්‍යවරයා අද (7) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.බදු ලිපිගොනුවක් හා ඊට අදාල කාඩ්පතක් හිමි පුද්ගලයන්ට ලබාදෙන වරප්‍රසාද පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කළේය.බදු ගෙවන පුද්ගලයන්ට කෞතුකාගාරය, සත්වෝද්‍යානය සහ සීගිරියට යන විට නොමිලේ ඇතුළු වීමේ හැකියාව ලබාදිය හැකි බව ද ඇමතිවරයා කියා සිටියේය.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!