13 හැවිරිදි තම එකම දියණිය අඹුව කර ගත් පියා කැලෑ වැදී සිටියදී අල්ලයි

Spread the love
  •  
  •  
  •  
  •  

වසරකට වැඩි කාලයක් 13 හැවිරිදි තම එකම දියණිය මවට හොර රහසේ අඹුකමට තියා ගත් නරුම පියෙකු සතියක් පමණ කැලෑ වැදී සැගව සිටියදී ගල්කිරියාගම පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අත් අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
පලාගල,වේදිනිගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත් කෙරිණි.
සැකකාර පියා කුලී වැඩ හා ගොවිතැන් කරන අයෙකි. මව මන්ද බුද්දික කාන්තාවකි. මොවුන්ට හත් හැවිරිදි පුතෙකුද සිටි. මව නිවසේ නොමැති අවස්ථාවන්හි නිවසේදී හා දැරිය දර කැඩීමට යයි පවසා කාලයට රැගෙන ගොස් දුෂණයට ලක් කර ඇති බව පොලිසිය අනවරණය කර ගෙන ඇත.
ප්‍රදේශවාසීන්ට ඇතිවූ සැකයක් මත පොලිසියට කරන ලද දැනුම් දීමක් මත දැරිය පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී අදාළ තොරතුරු අනාවරණය විමත් සමග සැකකාර පියා පලාගල ප්‍රදේශයේ කැලෑවක සැගවී සිට ඇත. සැකකරු දැරිය ගැබ් ගැනීම වලක්වා ගැනීමට විවිධ උපත් පාලන ක්‍රම දැරිය බිය ගන්වමින් හා තර්ජනය කර ලබාදී ඇති බව ද අනාවරණයවී ඇත.
දැරිය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමෙන් පසු පරිවාස භාරයට පත් කර ඇත.
කැකිරාව සහකාර පොලිස් අධිකාරී ඒ.ඒ.හේමචන්ද්‍ර මහතාගේ අධීක්ෂණයෙන් ගල්කිරියාගම පොලිස් ස්ථාන්ධිපති ප්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කේ.සි.චන්දරසේන පො.සැ.ඒ.කුමාරසිංහ(47454) යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!